08 අලියාන්ස් සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කෙරේ

22

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් මෙන්ම ජාත්‍යන්තර Allianz SE සමූහයෙ හි සාමාජිකයෙකු වන අලියාන්ස් ලංකා සමාගමේ නිට්ටඹුව ශාඛාව නව ස්ථානයක විවෘත කිරීම පසුගියදා සිදුවිය. ගනුදෙනුකරුවන්ට වඩාත් ප්‍රසන්න අත්දැකීමක් හිමි වන ආකාරයට සහ ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවන් සැපයීමට හැකි වන ආකාරයට නවීනතම පහසුකම් සහිතව මෙම ශාඛාව සැලසුම් කර තිබේ. මෙම නව ශාඛාවෙන් අලියාන්ස් සාමාන්‍ය රක්ෂණ සේවාවන් මෙන්ම අලියාන්ස් ජීවිත රක්ෂණ සේවාවන්ද ලබාගත හැකි වනු ඇත.

නව ශාඛාව විවෘත කිරීම 2023 ජූලි 05 දින සිදුකෙරුණු අතර එම අවස්ථාවට අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී, අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ජයලාල් හේවාවසම්, ප්‍රධාන බෙදාහැරීම් නිලධාරී රංග ඩයස්, ජාතික විකුණුම් ප්‍රධානී ජයන්ත අල්විස්, නියෝජිත අංශ ප්‍රධානී චමිලා අමුණුගම සහ අලෙවි ප්‍රධානී කසුන් යටවර යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක් වන අංක 570C, කොළඹ පාර, නිට්ටඹුව යන ස්ථානයේ මෙම ශාඛාව පිහිටා තිබේ.

ජාත්‍යන්තර මට්ටම් වලට අනුකූලව තම දීපව්‍යාප්ත ශාඛා ජාලය වැඩිදියුණු කිරීම සඳහා අලියාන්ස් ලංකා සමාගම මේ දිනවල විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. මේ යටතේ, තම ශාඛාවන් සියල්ලෙහිදීම පාරිභෝගිකයන්ට එක සමාන විශිෂ්ට සේවාවක් හා අත්දැකීමක් හිමිවන බව තහවුරු කිරීමට අලියාන්ස් ලංකා සමාගම පියවර ගෙන තිබේ. ගනුදෙනුකරුවන් කුමන අංශයක් හරහා කුමන සේවාවක් ලබාගැනීමට පැමිණියද, ඔවුන්ට ජාත්‍යන්තර තලයේ සේවාවක් අලියාන්ස් ලංකා වෙතින් හිමි වනු ඇත.

“ගනුදෙනුකරුවන්ට සෑම විටම එක සමාන විශිෂ්ට සේවාවක් ලබාදීම, අද දවසේ තරගකාරී වෙළඳපොළ වාතාවරණය තුළ අතිශයින් වැදගත්. අපගේ ශාඛා තුළින් ලබාදෙන අත්දැකීම මෙලෙස එකම ප්‍රමිති මට්ටමකට ඔසවා තැබීම මගින් අපට සියලුම ගනුදෙනුකරුවන් වෙත ජාත්‍යන්තර තලයේ සේවාවක් ලබාදීම සඳහා වන අපගේ ප්‍රතිඥාව ඉටුකිරීමට හැකියාව ලැබෙනවා. අපගේ නව නිට්ටඹුව ශාඛාව වෙත පැමිණ, මේ විශිෂ්ට සේවා අත්දැකීම විඳගන්නා මෙන් මා ගනුදෙනුකරුවන්ට ආරාධනය කර සිටිනවා.” අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ මෙරට ප්‍රධාන කළමනාකරු ඇලන් ස්මී මහතා පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here