Uber සේවාව සමග සම්බන්ධ වී සිටින මෝටර් රථ රියදුරන් වෙනුවෙන් ‘නව ගමනක්’ නමින් විශේෂ වැඩසටහනක් හඳුන්වා දී තිබේ. මේ යටතේ Uber App තුළට නව විශේෂාංග රැසක් එක්කර ඇති අතර, රියදුරන් වෙනුවෙන් පාරිභෝගික ළැදියා හෙවත් ලෝයල්ටි වැඩසටහනක්ද හඳුන්වා දී ඇත. මෙම නව විශේෂාංග මගින් රියදුරන්ට මුදල් ඉපයීමේ අවස්ථාවන් වැඩි වන අතර, Uber සමග ධාවනයේ යෙදෙන විට ඔවුන්ට වැඩි විනිවිදභාවයක් සමගින් තෝරාගැනීම් රැසක්ද හිමි වේ. මේ යටතේ රියදුරන්ට ගමනක් සඳහා ඉල්ලීමක් යොමුවන විට, ඉන් අපේක්ෂිත ආදායම වඩාත් පැහැදිලිව දිස්වන අතර, ඉහළ ඉල්ලුමක් ඇති අවස්ථාවලදී ඉල්ලීම් කිහිපයක් එකවර දර්ශනය වීමද සිදුවනු ඇත.
‘නව ගමනක්’ යටතේ හඳුන්වා දී ඇති පාරිභෝගික ළැදියා වැඩසටහන නම්කර ඇත්තේ ‘Uber Pro’ නමිනි. මේ යටතේ වැඩිම ගමන් සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති රියදුරන්ට විවිධ ත්‍යාග පිරිනැමීමට සමාගම කටයුතු යොදා තිබේ. ඒ අනුව පාරිභෝගිකයන් විසින් ඉහළින් ශ්‍රේණිගත කර ඇති (4.8 ට වැඩි) සහ වැඩි ගමන් වාර සංඛ්‍යාවක් සම්පූර්ණ කර ඇති රියදුරන්ට මුදල් ත්‍යාග හා විශේෂ දීමනා හිමිවනු ඇත. මෙම නව වැඩසටහන යටතේ රියදුරන්ට ගමන්වල යෙදෙන අතරතුර පමණක් නොව, ඉන් පරිබාහිරවද ප්රතිලාභ රැසක් හිමි වේ. ඔවුන්ට වැඩි සහයෝගයක් හිමි වීමට අමතරව, රථවාහන නඩත්තුව සහ රක්ෂණ සඳහා වට්ටම් පිරිනැමීමටද මේ වනවිට කටයුතු යොදා ඇත.
Uber Sri Lanka මෙරට කළමනාකාරිනී කෞශල්‍යා ගුණරත්න මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළා ය. “Uber සෑම විටම රියදුරන්ගේ යහපත සම්බන්ධයෙන් අවධානය යොමුකරනවා. රියදුරන්ට වැඩි තෝරාගැනීම් ප්‍රමාණයක් සහ වැඩි නම්‍යශීලීත්වයක් හිමි වන නිසා ඉදිරියටත් Uber ඔවුන්ගේ ප්‍රියතම සේවාව ලෙස පවතීවි. එමෙන්ම ඉහළ පාරිභෝගික ප්‍රතිචාර සමගින් වැඩි ගමන් වාර සංඛ්‍යාවක් සම්පූර්ණ කරන රියදුරන්ට Uber Pro මගින් ප්රතිලාභ රාශියක් හිමිවනවා. මෙම වෙනස්කම් නිසා වැඩියෙන්ම පාරිභෝගික ප්‍රසාදය දිනාගත් රියදුරන් දිගින් දිගටම Uber සේවාව භාවිතා කිරීමට යොමුවනු ඇති බවට සැකයක් නැහැ. එමෙන්ම මෙය සමස්තයක් ලෙස Uber app අත්දැකීම වැඩිදියුණු කරන පියවරක්ද වේවි.”
Uber Pro යටතේ හිමිවන ත්‍යාග
Uber Pro යටතේ Blue, Gold, Platinum සහ Diamond යනුවෙන් මට්ටම් 4 ක් පවතී. මේ අතින් ඉහළිම මට්ටම Diamond වේ. මෙහි ආරම්භක මට්ටම Blue වන අතර, ගමන් වාරයන් සම්පූර්ණ කිරීම සහ තවත් ක්‍රම කිහිපයක් ඔස්සේ ලකුණු එක්රැස් කරගනිමින් ඔවුන්ට ක්‍රමානුකූලව ඉහළ සමාජිකත්ව මට්ටම් වෙත පිවිසිය හැක. කෙසේ නමුත් මෙම ලකුණු මාස 3 කට වාරයක් නැවත මුල සිට ආරම්භ වන නිසා, රියදුරෙකුගේ මට්ටම මාස තුනෙන් තුනට අලුත් වන අතර, හිමිකරගන්නා මට්ටම අනුව රියදුරන්ට විවිධාකාර වූ ප්රතිලාභ හිමි වේ. තුන්වන පාර්ශ්වයන් වෙතින් හිමිවන මෙම ප්රතිලාභ අතරට සාමාන්‍ය රථවාහන රක්ෂණ හා සෞඛ්‍ය රක්ෂණ වාරික කොටස් වශයෙන් ගෙවීමේ අවස්ථාව හිමි වීම, 50% ක් දක්වා No claim bonus දීමනා හිමි වීම සහ රථවාහන අභ්‍යන්තර පිරිසිදු කිරීමේ සේවාවන් සඳහා 55% ක වට්ටමක් හිමි වීම ආදිය ඇතුළත් වී ඇත. මීට අමතරව ලියාපදිංචි අක්ෂි විශේෂඥයන් වෙතින් නොමිලේ ඇස් පරීක්ෂාවක් ඇස් කන්නාඩි මිලදී ගැනීමේදී 20% ක වට්ටමක්ද ඔවුන් වෙත හිමි වේ.
කාර්තුවක් පුරාම Diamond මට්ටම රඳවාගැනීමට සමත් වන රියදුරන්ට රු. 25,000/- ක මුදල් ත්‍යාගයක් හිමි වනු ඇත.
මීට අමතරව, විශිෂ්ටතම මට්ටම් පවත්වා ගන්නා රියදුරන්ට පහත සඳහන් දීමනාද හිමි වේ.
තමන් කැමති ප්‍රදේශ සඳහා ප්‍රමුඛත්වය: Platinum සහ Diamond රියදුරන්ට සෑම දිනකම පැය 2 ක් තමන් කැමති ප්‍රදේශයකින් ගමන් වාර තෝරාගැනීමට අවස්ථාව හිමි වේ. මෙමගින් ඔවුන්ට තමන් වඩාත් කැමති ප්‍රදේශවල ධාවනය කිරීමට අවස්ථාව ලැබෙනු ඇත.
ප්‍රමුඛතා සහය: Gold, Platinum සහd Diamond රියදුරන්ට Uber සේවා මධ්‍යස්ථානවල පෝලිම්වල රැඳී සිටීමෙන් තොරව, ප්‍රමුඛතා ක්‍රමයක් යටතේ සහය ලබාගැනීමට අවස්ථාව හිමි වේ. එමෙන්ම ඔවුන්ට දුරකථනය හරහා සම්බන්ධ වීමේදීද ප්‍රමුඛත්වය හිමි වනු ඇත.
කිසියම් මගියෙකු Uber ගමන් වාරයක් ඉල්ලා සිටි විට, ඔවුන් රියදුරෙකු හා සම්බන්ධ කරනු ලැබීමෙන් පසු, රියදුරාට හිමි වී ඇත්තේ කවර ශ්‍රේණියක්ද යන්න දැකගැනීමට අදාළ මගියාට අවස්ථාව හිමි වේ. රියදුරන්ටද තම ප්‍රගතිය Uber App ඔස්සේ නිරීක්ෂණය කළ හැක. මේ වනවිට කොළඹ, කළුතර සහ ගම්පහ යන ප්‍රදේශවල මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී තවත් නගරවලට මෙය හඳුන්වා දීමට Uber බලාපොරොත්තු වෙයි.
වගකීම් අත්හැරීමේ ප්‍රකාශය: ස්ථානය සහ Uber Pro මට්ටම අනුව ත්‍යාග වෙනස් වන අතර, ත්‍යාග ක්රමයද වෙනස් වීමට ඉඩ ඇත. Uber Pro ක්‍රියාත්මක වන සෑම නගරයකටම, මෙහි සඳහන් ත්‍යාග අදාළ නොවීමට ඉඩ තිබේ. මීට අමතරව තවත් සීමාවන් හා බැහැර කිරීම් අදාළ වේ. සම්පූර්ණ තොරතුරු සඳහා කරුණාකර නියමයන් හා කොන්දේසි එකතුව බලන්න.