ශ්‍රී ලංකාවේ වඩාත් ජන ප්‍රිය ප්‍රවාහන යෙදුම මෙන් ම කාන්තාවන් සවි බල ගැන්වීමේ සහ රැකියා අවස්ථා නිර්මාණය කිරීමේ පුරෝගාමියෙකු වන Uber, සිය Ride-Hailing සේවාව හරහා සිදු කළ පරිවර්තනීය සේවාව පිළිබඳ සුවිශේෂී පර්යේෂණ වාර්තාවක් නිකුත් කෙරිණි. ‘ Ride-Hailing : කාන්තාවන් වෙනුවෙන් ආර්ථිකමය අවස්ථා නිර්මාණය කිරීමේ සේවාව’ යන මාතෘකාවෙන් යුත් මෙම සුවිශේෂී වාර්තාව, මෙරට ශ්‍රම බලකාය සඳහා කාන්තාවන් වැඩි ප්‍රමාණයක් එක් කිරීම වෙනුවෙන් Uber සිදු කරන සේවාව පිළිබඳ ව උදාහරණ සපයයි.
මෙම සුවිශේෂී වාර්තාව මගින්, කාන්තාවන්ගේ මූල්‍ය ස්වාධීනත්වය ඉහළ නංවමින්, ඔවුන්ට ශ්‍රම බලකායට ප්‍රවේශ වීම සඳහා Ride-Hailing සේවාව හරහා ලබා දෙන සහයෝගය පිළිබඳ ව ඉතා හොඳින් කරුණු දක්වා ඇත.
සංචලනය සඳහා ප්‍රවේශය තුළින් 2028 වසර වන විට කොළඹ ආශ්රිත කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණය 8% කින් වර්ධනය කළ හැකිය.
එය ප්‍රමාණාත්මක ව ගත් කල, අදාළ වර්ෂය වන විට කොළඹ ආශ්රිත කාන්තා ශ්‍රම බලකාය වෙත එක් වන කාන්තාවන් සංඛ්‍යාව 50,000කට අධික බව ගණන් බලා ඇත.
මෙමගින් කොළඹ නගරයේ ආර්ථික පරිමාණය 3% කට වැඩි ප්‍රමාණයකින් ප්‍රසාරණය කළ හැකිය.
Uber Sri Lanka සමාගමේ ප්‍රවාහන අංශයේ මෙරට ප්‍රධානී කෞශල්‍යා ගුණරත්න මහත්මිය මේ පිළිබඳ ව අදහස් දක්වමින් පැවසුවේ, “ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ශ්‍රම බලකාය තුළ වැඩි කාන්තා නියෝජනයක් අත්‍යවශ්‍යයි. Oxford Economics ආයතනය විසින් සිදු කරන ලද මෙම පර්යේෂණය මගින් Ride-Hailing සේවාව හරහා ආරක්ෂිත, විශ්වසනීය ගමනාගමන පහසුකම් මඟින් ශ්‍රම බලකායට තව තවත් කාන්තාවන් එක් කර ගත හැකි ආකාරය පිළිබඳ ව ඉතා පැහැදිලි ව සඳහන් වෙලා තිබෙනවා. කාන්තාවන්ට දිනපතා රැකියාවට යාමට ආරක්ෂිත සහ පහසු විකල්පයක් ලබා දීම මගින් Uber සමාගමට ‘ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පරතරය’ අවම කිරීම සඳහා යම් පියවරක් ගැනීමට හැකි වීම පිළිබඳ ව මම සතුටු වෙනවා. ශ්‍රී ලාංකික කාන්තාවන්ට රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා පහසුකම් සැලසීමට ලැබීම පිළිබඳ ව Uber ආඩම්බර වෙනවා.” යනුවෙනි.
Oxford Economics ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ බාලි කවුර් සෝධි මහතා පැවසුවේ, ” තවමත් ලොව පුරා වැටුප් ලබන රැකියාවල නිරත වන කාන්තාවන් දක්නට ලැබෙන්නේ පුරුෂයින්ට වඩා අඩුවෙන්. මෙය කාන්තාවන් තුළ අඩු සුදුසුකම් හෝ අඩු අධ්‍යාපනික මට්ටමක් තිබීම නිසා ඇති වූ ගැටලුවක් නොවේ. විශේෂයෙන් ගේ දොර වැඩ කටයුතුවල වගකීම තවමත් කාන්තාවන් වෙත පැවරී තිබීම මෙයට ප්‍රධාන හේතුවක්. අප ඉදිරිපත් කර ඇති මෙම සමීක්ෂණ වාර්තාව කාන්තාවන්ට ශ්‍රම බලකායට එක් වීමට හෝ ඔවුන්ගේ වෘත්තීය ජීවිතය තුළ ඉහළට යාමට ඇති බාධක ඉවත් කිරීම සඳහා උපකාරී වන බොහෝ කරුණු අන්තර්ගත වී තිබෙනවා.” යනුවෙනි.
Uber සහ Oxford Economics යන ආයතන එක් ව ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද සමීක්ෂණයක් මගින් සැකසුණු මෙම පර්යේෂණ වාර්තාව, කොළඹ සහ ඒ ආශ්රිත ව කාන්තාවන් සහ පුරුෂයින්ගේ Ride-Hailing ක්‍රියාකාරකම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් සම්පාදනය කෙරුණු අතර, එමගින් කාන්තා ශ්‍රම බලකාය සඳහා Ride-Hailing බලපෑම පිළිබඳ ව ද විවිධ කරුණු අනාවරණය කරයි.
ශ්‍රම බලකාය වෙත සම්බන්ධ වීම : සේවය කරන කාන්තා යතුරුපැදි ධාවකයින්ගෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් Ride-Hailing හරහා ශ්‍රම බලකායට සම්බන්ධ වූ අතර, එය කාන්තාවන්ගේ සහභාගිත්වය ලබා ගැනීම සඳහා තිබූ ප්‍රධාන අභියෝග මඟහරවා ගැනීමට උපකාරී විය.
රැකියාව සහ පවුල අතර සමතුලිතතාව : සමීක්ෂණයට ලක් කෙරුණු වැඩ කරන කාන්තාවන්ගෙන් 60%කට වැඩි පිරිසක් ප්‍රකාශ කළේ Ride-Hailing තුළ තිබූ නම්‍යශීලී භාවය රැකියාවේ සහ පවුලේ වගකීම් සමබර ව ඉටු කිරීම සඳහා ශක්තියක් වූ බවයි.
ආරක්ෂාවට ප්‍රමුඛතාව : රැකියාවට යාම සඳහා Uber භාවිත කළ කාන්තාවන්ගෙන් 82%ක් පමණ ඒ සඳහා ආරක්ෂාව මූලික හේතුව ලෙස දක්වා තිබූ අතර, එහි දී ඔවුන් ප්‍රකාශ කළේ, කාන්තාවන් සඳහා ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ස්ථාපනය කිරිම සඳහා Ride-Hailing සේවාව මගින් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන බවයි.
රැකියා අවස්ථා සඳහා ප්‍රවේශය : සේවය කරන කාන්තා යතුරුපැදි කරුවන් දස දෙනෙකුගෙන් හතර දෙනෙකු ම Ride-Hailing මගින් ඔවුන්ට වඩාත් සුදුසු රැකියා අවස්ථා සඳහා ප්‍රවිෂ්ට වීමේ සහ එයින් ඉදිරියට යාමේ අවස්ථා පුළුල් කළ බව ප්‍රකාශ කළහ.
ගෝලීය වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රමිකයින් ප්‍රමාණාත්මක ව අවම අගයක් ගනී. 2022 වසරේ දී ගෝලීය කාන්තා ශ්‍රමිකයින්ගේ අනුපාතය 47% ක් වූ අතර, ඒ හා සැසඳීමේ දී ශ්‍රී ලංකාවේ කාන්තා ශ්‍රමිකයින්ගේ ප්‍රතිශතය 32% ක් පමණි. මෙම වාර්තාවට අනුව, කාන්තාවන් සඳහා ඇති ප්‍රමුඛතම අභියෝග දෙක වන්නේ ආරක්ෂිත ප්‍රවාහන පහසුකමක් නොමැති වීම සහ රැකියාව හා පවුල් ජීවිතය අතර පවතින අසමතුලිතතාව යි.