එක්දින ක්රිකට් ලෝක කුසලානයේ ශ්රී ලංකාව හා බංගලිදේශය අතර තරගය මේ වනවිට දිල්ලි හි පෙරෝෂා කොට්ලා ක්රීඩාංගණයේ දී පැවැත්වේ.
කාසිය වාසිය දිනු බංගලාදේශය ප්රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්රී ලංකාවට ලබා දුන්නෙය.
සටහන ලියන මොහොත වනවිට ශ්රී ලංකාව පන්දුවාර 31.1 අවසානයේ කඩුළු 05 ට ලකුණු 171ක් ලබා තිබුණි.
ශ්රී ලංකා ඉනිම අතරවාරයේ අංක 06 පිතිකරු ලෙස පිටියට පිවිසි ඇන්ජිලෝ මැතිවුස් ක්රිකට් පිටියේ දී දැකිය හැකි දුලභ දැවී යෑමකට ලක් වූයේ නියමිත වේලාවට පන්දුවට පහර දීමට පිටියට නොපැමිණීමේ වරදට (Timed Out) හසු වීමෙනි.
ඔහුගේ එම දැවි යාම ක්රිකට් ඉතිහාසයට එක්වූයේ එලෙස දැවී ගිය ලොව පළමු ක්රීඩකයා වෙමිනි.