සිය නව නායකත්වය යටතත් සුවිශේෂී වර්ධනයක් කරා ගමන් කරමින් සිටින Swedish Trading Company විසින්, සිය ‘REIGNITE’ පාරිභෝගික දිනය ‘ලෝකයේ පැවැත්ම තහවුරු කරමින්, කර්මාන්තය බලගැන්වීම යන තේමාව මුල් කර ගනිමින් 2023 නොවැම්බර් 24 වැනි සිකුරාදා කොළඹ 10, Trace Expert City හි දී උත්කර්ෂවත් අයුරින් පවත්වන ලදී.
1968 වසරේ ආරම්භ කරන ද Swedish Trading Company සහ එහි සහෝදර සමාගම් වන General Sales Company සහ Swedish Trading Audio Visual අතර වසර 50කට අධික කාලයක් පුරා අඛණ්ඩව පවත්වා ගෙන එන මනා සහතයෝගීතාව ‘REIGNITE’ උත්සවය තුළින් මනා ලෙස පිළිබිඹු කෙරුණු අතර, පාලනාධිකාරයේ තුන් වන පරම්පරාව වර්තමානය වන විට නවතම උපාය මාර්ග හරහා සමාගම් සමූහය ජයග්‍රාහී මාවතක් ඔස්සේ මෙහෙයවමින් සිටින බව පැවසිය යුතු ම කරුණකි.
ඒ අනුව, තමවර ‘REIGNITE’ පාරිභෝගික දිනයේ අරමුණු ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතා ගොඩනගා ගනිමින්, පාරිභෝගිකයින් සහ හවුල්කරුවන් සවිබල ගැන්වීම වටා කේන්ද්‍ර ගත විය. සිය නිෂ්පාදනයන්ගේ සහ සේවාවන්ගේ ප්රතිලාභ උපරිමයෙන්න් ලබා ගැනීමට හැකි වන අයුරින් පාරිභෝගික ජනතාවගේ කුසලතා සහ දැනුම වර්ධනය කිරීම හරහා Swedish Trading Company, General Sales Company සහ Swedish Trading Audio Visual යන සමාගම් ත්‍රිත්වය තිරසාර සාර්ථකත්වයක් කරා මෙහෙයවීම මෙහි අරමුණු අතර ප්‍රධාන වේ.
උත්සවයේ සාර්ථකත්වය පිළිබඳ අදහසේ දක්වමින් Swedish සමූහයේ ප්‍රධාන විධායක නිළධාරී ලසිත් සේනානායක මහතා පැවසුවේ, “ ‘REIGNITE’ පාරිභෝගික දිනය මගින් විශිෂේටත්වය සඳහා වූ අපගේ කැපීම පිළිබිඹු කරනවා. අපගේ උපායමාර්ග වෙනස් කරමින් අභියෝග වලට මුහුණ දීම නිසා දැන් අපි වෙනදාටත් වඩා ශක්තිමත්. මෙම අති සාර්ථක උත්සවය මගින් Swedish Trading Company ඇතුළු සමූහතේ නව යුගයක ආරම්භ ය සනිටුහන් වන බව පැවසුවොත් මා නිවැරදියි. එහි දී නතවෝත්පාදන සහ පාරිභෝගික තෘප්තිය වෙත අපගේ සුවිශේෂී අවධානය යොමු වන බවත් පැවසිය යුතු ම යි. ඉදිරියේ දී මෙම සහයෝගීතාවය සහ සාමූහික කැපවීම තුළින් අපගේ පාරිභෝගිකයින් සහ හවුල්කරුවන් සමඟ එක් ව වර්ධනය වීමට අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.
REIGNITE නිෂේපාදනය තවත් පාරිභෝගිකයින් වෙත සමීප කරමින්, GA VSDˢ – Atlas Copco හි අති නවීන කොම්ප්‍රෙසරය වෙළඳපොළට හඳුන්වා දීමට Swedish Trading Company විසින් කටයුතු කරනු ලැබූ අතර, තුන් වන පරම්පරාවට සරිලන මෙම අති නවීන කොම්ප්‍රෙසරය නව තාක්ෂණික දියුණුව සඳහා හොඳම සාක්ෂියකි. වෙළඳපොළේ පවතින වෙනත් කොම්ප්‍රෙසරය නිෂ්පාදන වලට සාපේක්ෂව 60%ක් දක්වා බලශක්ති තිරියක් ලබාදෙන මෙම නිෂ්පානයට සමගාමීව Swedish Trading Company සමාගම Atlas Copco , SKF සහ Xylem යන සමාගම් සමඟ එක් ව එම සමාගම්ව ප්‍රමුඛතම නිෂේපාදන හරහා ඇඟලුම්, තේ, රබර්, ඖෂධ, ජලය, විදුලිය සහ දුම්රිය මාර්ග ආදී වශයෙන් පුළුල් පරාසයක විහිදුණු විවිධ කර්මාන්ත ක්තෂේත්ර සඳහා නවතම විසඳුම් ලබා දෙයි.
Swedish Trading Company සහ එම සමාගමේ ප්‍රධාන සැපයුම්කරුවන් වන Atlas Copco සහ SKF යන සමාගම් අතර 1982 සිට පවතින අඛණ්ඩ සබඳතාව පිළිබඳ ව ද මෙම උත්සවතේ දී ඉස්මතු කෙරිණි. Atlas Copco සහ SKF සමාගම් ඔවුන්තේ අදාළ ක්ෂේත්රවල තම නිෂේපාදකයින් වන අතර, Atlas
Copco සම්පීඩිත වායු හා ගෑස්, කාර්මික මෙවලම් හා උපකරණ සහ වැකියුම් විසඳුම් සඳහාත්, SKF සමාගම බෙරියාන් සහ ඒ ආශ්රිත නිෂ්පාදන සඳහා ගෝලීයව ව වශයෙන් කීර්තියක් දිනා ඇත. ශක්තිමත් මෙන් ම අතනයෝනය වශයෙන් වාසිදායක හවුල්කාරිත්වයක් ගොඩනැගීම අරමුණු කරමින්, අදාළ සමාගම්ව දැනුම සහ කුසලතා පුළුල් කර ගැනීම සහ පාරිභෝගික හා හවුල්කරුවන් සවිබල ගැන්වීම සඳහා විශේෂ පුහුණු සැසියක් ද මෙම උත්සවයට සමගාමී ව පවත්වන දී.
ශ්‍රී ලංකාවේ CIDA විසින් පිරිනමනු ලබන ICTAD EM-2 කාණ්ඩය යටතේ ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතික ලබා ඇති General Sales Company, පොම්ප කිරීම, සම්ප්‍රේෂණය, පිරිපහදු කිරීම, අධීක්ෂණය, විශ්ලේෂණය සහ පාලනය ඇතුළු ජල හා අප ජල යන ක්ෂේත්රවල වසර 40ක විශේෂඥතාව සහිත සමාගමකි. එම සමාගමේ ප්‍රධාන සැපයුම්කරු වන ඇමරිකා එක්සත් ජනපදයේ, S&P 500 ලැයිස්තු ගත සමාගමක් වන Xylem, අඩු ශක්තියක් භාවිතා කරමින්, මෙහෙයුම් වියදම් අඩු, තිරසාර මෙන් ම නව විසඳුම් හඳුන්වා දීම හරහා ස්මාර්ට් තාක්ෂණයෙන් යුත් නව ජල විසඳුම් සංවර්ධනය කිරීම අතින් ලොව ප්‍රමුඛයා වේ. එක් ව වැඩ කිරීමෙන් ජලය වෙත ප්‍රවේශය වර්ධනය කරමින් දැරිය හැකි සහ ආරක්ෂිත සේවාවක් සහතික කිරීමේ හැකියාව එම සමාගම මෙම උත්සවයට සමගාමී ව පැවැත්වුණු පුහුණු සැසියේ දී පෙන්වා දුන්නේය.
ශ්‍රව්‍ය දෘෂ්‍ය විසඳුම් ලබා දීම පිළිබඳ ව තමා සතු දශක දෙකකට වැඩි විශිෂ්ටත්වය තහවුරු කරමින් Swedish Trading Audio Visual සමාගම ISO සහිකය හිමි කර ගැනීමේ ජයග්‍රහණය සැමරීම ද මෙම උත්සවයේ දී සිදු කෙරිණි.
ඒ අනුව, Swedish Trading Audio Visual සමාගම වර්තමානය වන විට ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ පද්ධති සහතිකය හිමි කර ගනිමින්, ශ්‍රී ලංකාවේ CIDA විසින් පිරිනමනු බන ICTAD
EM-2 කාණ්ඩය යටතේ ශ්‍රේණිගත කර ඇත. එමෙන් ම Swedish Trading Audio Visual සමාගම ශ්‍රී ලංකාවේ ELV, ශ්‍රව්‍ය දෘෂ්‍ය ක්ෂේත්රයේ අවිවාදිත ප්‍රමුඛයා බව ද සඳහන් කළ යුතු ම කරුණකි.