QR ක්‍රමවේදය නැවත ගෙන ඒමට රජයේ කිසිදු සූදානමක් නැති බව විදුලි හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පැවසීය.
ට්විටර් සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කොට සිටියේ QR ක්‍රමවේදය හෝ ඉන්ධන කෝටාව යළි ගෙන ඒමට කිසිදු සූදානමක් රජය, විදුලිබල අමාත්‍යංශය හෝ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව තීරණයක් ගෙන නොමැති බව සඳහන් කර තිබුණේය.
ඉදිරි මාස 12 ක කාලය සඳහා භාණ්ඩ ප්‍රවාහන අවශ්‍යතා සැලසුම් කිරීමටත්, කොලොන්නාව හා මුතුරාජවෙල පර්යන්තවල සහ ප්‍රාදේශීය ඩිපෝවල පවතින ගබඩා ධාරිතාව වැඩි කිරීමටත් අමාත්‍යංශය, ඛණිජතෙල් නිතිගත සංස්ථාව හා ලංකා ඛණිජ තෙල් ගබඩා පර්යන්තය (CPSTL) සමඟ සාකච්ඡා පවත්වන බව ඔහු වැඩි දුරටත් සඳහන් කොට තිබුණේය.