ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තාවන්ගේ හා දරුදැරියන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීමේ අරමුණින් Ninewells රෝහල විසින් ආරම්භ කරන ලද ‘Hearts of Joy’ පදනම මේ වන විට සිය මෙහෙවර සාර්ථක ලෙස ඉටුකරමින් සිටී. ආයතනික ප්‍රජා සත්කාර ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කරන ලද මෙම පදනමේ මූලික ඉලක්කය වන්නේ, දිවයිනේ විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දෙමින් සිටින ප්‍රජාවන්ට එම දුෂ්කරතා ජයගැනීමට සහ තිරසාර ජීවනෝපාය මාර්ග නිර්මාණය කරගැනීමට අත්වැලක් සැපයීම ය.
Hearts of Joy පදනමේ මෙහෙවර සඳහා අරමුදල් සපයනු ලබන්නේ Ninewells රෝහල සහ වෙනත් පරිත්‍යාගශීලීන් විසිනි. මෙලෙස ලැබෙන අරමුදල් භාවිතා කරමින් පදනම මගින් අඩු ආදායම්ලාභී කාන්තාවන්, දරුවන් සහ පවුල් වෙනුවෙන් ආහාරපාන සහ අධ්‍යාපන පහසුකම් ආදිය පරිත්‍යාග කරනු ලබන අතර, සුළු පරිමාණ යටිතල පහසුකම් සංවර්ධන කටයුතුද සිදුකරනු ලබයි.
Hearts of Joy පදනමේ එක් ප්‍රධානතම මෙහෙවරක් වන්නේ, වැලිකඩ බන්ධනාගාරයේ ගර්භනී කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ක්‍රියාවට නංවනු ලබන ව්‍යාපෘතියයි. මේ යටතේ එම කාන්තාවන්ට සහ දරුදැරියන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය මූලික පහසුකම් ආදිය සපයනු ලැබේ. මෙහි අරමුණ වන්නේ, අතිශය දුෂ්කර පරිසරයක ජීවත් වන ඔවුන්ට සිය ආත්ම ගරුත්වය රැකගනිමින් හැකිතාක් දුරකට යහපත් ජීවිත ගතකිරීමට අවස්ථාව සලසා දීම ය. මීට අමතරව පරිත්‍යාගශීලීන් විසින් Ninewells රෝහල වෙත භාරදෙනු ලබන භාවිතා කළ සෙල්ලම් බඩු පළාත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත භාරදීමද නිතිපතා සිදුකරනු ලබන අතර, මවු කිරි දීම, කාන්තා සෞඛ්‍යය සහ ළමා සංවර්ධනය යනාදී මාතෘකාවන් යටතේ දැනුවත් කිරීම්ද සිදුකරනු ලැබේ.
Hearts of Joy පදනම මෙවර ලෝක ළමා දිනය වෙනුවෙන් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව සමග එක් වී, රම්මුතුගල සහතික කල පාසලේ ළමුන් වෙනුවෙන් උපදේශන වැඩසටහනක් පවත්වන ලදි එමෙන්ම ප්‍රජාපතී ළමා නිවාසයේ පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කටයුතු කළේ ය. මේ යටතේ දරුවන් සෙල්ලම් කරන ස්ථාන අලුත්වැඩියා කිරීම, මුල් ළමා විය අධ්‍යාපන පහසුකම් වැඩිදියුණු කිරීම සහ ළමා නිවාසයේ ජීවත් වන දරුවන්ට නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාදීම සිදුකරන ලදි. ලෝක ළමා දිනය වෙනුවෙන් මෙම ළමා නිවාසයේ ළමුන් සඳහා වෛද්‍ය කදවුරක්ද පවත් වන ලදි. මෙම දරුවන්ට දුෂ්කරතා මැදින් ජීවිතය ජයගැනීමට හැකි වන පරිසරයක් නිර්මාණය කිරීම මෙහි අරමුණ විය.
“අපගේ සමාජය තුළ ආර්ථික වශයෙන් විවිධ අභියෝගවලට මුහුණ දී සිටින ජනතාවගේ ජීවිතවලට දීර්ඝකාලීනව යහපත් බලපෑමක් ඇතිකිරීමට අප සෑම විටම උත්සාහ කරනවා. Hearts of Joy පදනමේ ඉලක්කය වන්නේ, කාන්තාවන්ට හා දරුවන්ට අවශ්‍ය කෙටිකාලීන සහන ලබාදීමෙන් නොනැවතී, ඔවුන්ට වඩාත් යහපත් අනාගතයක් නිර්මාණය කරගැනීම සඳහා අවස්ථා උදාකර දීමයි.” Ninewells Hospital හි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා වෛද්‍ය තියාෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවා ය.
ඉදිරියේදී තම මෙහෙවර තවදුරටත් පුළුල් කරමින්, රජයේ පාලනය පටතේ පවතින තවත් ළමා නිවාස කිහිපයකට අත්වැලක් වීමට Hearts of Joy පදනම සැලසුම් කර තිබේ. මෙවැනි සමාජ සත්කාරයන් ඔස්සේ රටේ පිළිසරණක් අවැසි ප්‍රජාවන් තුළ නව බලාපොරොත්තු දල්වමින්, වඩාත් යහපත් හෙට දිනයක් නිර්මාණය කිරීමට කැපවීම Ninewells රෝහල් ජාලයේ අරමුණ වී තිබේ.