ශ්‍රී ලාංකීය දැව ආලේපන සහ තීන්ත ආලේපන බුරුසු නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන JAT Holdings PLC, සිය ගමන් මගේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අති නවීන තාක්ෂණයෙන් යුතු බැඳුම් කර්මාන්තශලාවක් (binder plant) හොරණ ප්‍රදේශයේ ආරම්භ කිරීම සඳහා මුල්ගල් තැබීම පසුගියදා සිදුවිය. විශේෂයෙන් ඉමල්ෂන් තීන්ත නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය අමුද්‍රව්‍යයක් වන binders නිෂ්පාදනය කිරීම වෙනුවෙන් ඉදිකරනු ලබන මෙම කර්මාන්ත ශාලාව, JAT මෙහෙයුම් කාර්යක්ෂමතාවය සහ ඉහළ ගුණාත්මක බව ඔස්සේ නව යුගයක සමාරම්භයක් සනිටුහන් කරනු ඇත. සේවා සැපයුම් ජාලයේ වර්ධනය, ඉහළ පිරිවැය කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය වෙනුවෙන් දක්වන්නාව අඛණ්ඩ කැපවීම ඔස්සේ පාරිභෝගිකයන් වෙත අසමසම වූ වටිනාකමක් ලබාදීමට මෙමගින් JAT Holdings වෙත ඉඩ සැළසේ. තවද මෙම ජයග්‍රාහී ඉදිරි පිම්ම සමඟින් මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස සිය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරගැනීමට JAT වෙත අවස්ථාව හිමිවනු ඇත.
JAT හි නිෂ්පාදන කර්යයට ස්ථිරසාර පදනමක් සහ නව යුගයක් උදාකර දෙමින් 2024 වසරේ මාර්තු මාසයේදී විවෘත කිරීමේ අරමුණින් ඉදිකිරීම් කාර්යයේ නිරත මෙම කර්මාන්ත ශාලව, එහි විශිෂ්ටත්වයට සහ නවෝත්පාදන කාර්යය වෙනුවෙන් සිදුකරන්නාවූ මැදිහත් කාර්යයට සුවිශේෂ වූ නිදර්ශනයකි. මෙහි සමාරම්භය සනිටුහන් කරමින් සුවිශේෂ උත්සවයක් හොරණ යෝජිත JAT binder plant කම්හල් පරිශ්‍රයේදී පැවැත් වූ අතර, එම අවස්ථාව සඳහා JAT Holdings PLC හි ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකාර කණ්ඩායම් නියෝජනය කරමින් සුවිශේෂී පුදගලයින් රැසක් ද සහභාගි විය.
මෙම ආකාර්ෂණීය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් JAT Holdings හි ප්‍රධාන විධායක නිලධාරි නිශාල් ප්‍රදිනාන්දු මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, ” මේ නව JAT binder plant කර්මාන්ත ශලාව අපගේ නවොත්පාදන සඳහා වන කැපවීම වගේම අඛණ්ඩ වර්ධනයට අප තුළ තිබෙන කැපවීම මැනවින් පෙන්නුම් කරනවා. ඒ වගේම අපගේ පාරිභෝගික ජනතාව වෙත අවම පිරිවැයක්, ඉහළ කාර්යක්ෂතාවය සහ උසස්ම තත්වයේ නිෂ්පාදන ලබා දෙමින් ශ්‍රී ලංකාවේ වගේම ඉන් ඔබ්බෙහි පවතින තීන්ත කර්මාන්තයේ විප්ලවීය වෙනසක් සිදුකිරීම අපේ ඉලක්කය වෙනවා.”
මෙම නව JAT binder ඒකකයත් සමඟ පිහිටුවනු ලබන නවීන තාක්ෂණයෙන් යුතු අති නවීන පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය එකිනෙකට බද්ධව කටයුතු කිරීමට මනා පරිසරයක් නිර්මාණය කරනු ඇත. එවැනි තත්වයක් තුළ ආයතනික විශේෂඥතාවය සහ අති නවීන තාක්ෂණය උපයෝග කර ගැනීම තුළින් ප්‍රමුඛතම ඉමල්ෂන් තීන්ත සන්නාමය වන White by JAT හි නිෂ්පාදන ක්‍රියාවලිය ප්රශස්ත කරණ කාර්යයට සුවිශේෂ ඉඩක් ඇති අතර, එමගින් JAT Holdings PLC මෙම කර්මාන්තයේ ප්‍රමුඛයා බවට සථානගත කරනු ඇත.
මෙහිදී JAT Holdings හි පර්යේෂණ සහ සංවර්ධන අධ්යක්ෂ අජිත් බණ්ඩාර මහතා අදහස් මෙසේ අදහස් දැක්වීය. “මේ නව පෙරළිකාර ගමන ආරම්භ කිරීමට අපට හැකිවීම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ විශාල සතුටක්. විශේෂයෙන් අපේ මේ නව JAT binder නිෂ්පාදන ඒකකය, අපට අපගේ වැඩිවන ඉමල්ෂන් තීන්ත අවශ්‍යතාවය සපුරාලීමට සහාය වෙනවා පමණක් නොවේ, විශේෂිත binder/polymer සංවර්ධන ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් ප්‍රධාන විශ්ව විද්‍යාල සහ අනෙකුත් පර්යේෂණ ආයතන සමග සහයෝගිතාවයක් ඇතිකර ගැනීමටත් මග පෑදෙනවා. විශේෂයෙන් මෙයින් කර්මාන්තය වෙත ඇතිවිය හැකි සාධනීය බලපෑම සම්බන්ධයෙන් අපට තිබෙන්නේ විශාල සතුටක්.”
උසස්ම තත්වයේ ප්‍රමිතිය සහතික කරමින් විදේශීය උපදේශකයින්, පර්යේෂණ සහ සංවර්ධන විශේෂඥයින්ගේ දායකත්වය තුළින් සිය binders පරාසය සැකසීම වෙනුවෙන් JAT Holdings කටයුතු කරන අතර, ඉහළ ඵලදායිතාවයක් සහ කාර්යක්ෂමතාවයක් ලබාදීම වෙනුවෙන් ස්වයංක්‍රීය යන්ත්‍රෝපකරණ සඳහා සුවිසල් අයෝජනයක් සිදුකර ඇත. තවද මෙම නව ඒකකය නව්‍යකරණ්‍ය සහ නිර්මාණශීලිත්වය පෝෂණය කරනු ලබන අතර, ආකර්ෂණීය සේවා හිතකර පරිසරයක් නිර්මාණය කරමින්, දැඩි ආරක්ෂිත රෙගුලාසි වලට යටත්ව ක්‍රියාත්මක වන ඇත. මෙයට අමතරව JAT Holdings PLC හි පාරිසරික, සමාජීය පාලන ඉලක්ක වලට අනුගත වෙමින් මෙම නව ඒකකය තුළින් දේශීය සහ අන්තර්ජාතික පාරිසරික සහ තිරසර ප්රමිතීන් සපුරාලනු ඇත.
JAT හෝල්ඩින්ග්ස් සමාගම යනු ශ්‍රී ලංකාවේ දැව ආලේපන සහ තීන්ත ආලේපන බුරුසු වෙළෙඳපොළේ ප්‍රමුඛයා වන අතර, තීන්ත, සුඛෝපභෝගී නිවාස සහ කාර්යාල ගෘහ භාණ්ඩ යන ක්ෂේත්‍ර ආශ්‍රිතව නිෂ්පාදන හා සේවා ලබා දෙන ප්‍රධානතම සමාගමක් ලෙස හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාවේ සහ බංග්ලාදේශයේ පිහිටා ඇති අති නවීන නිෂ්පාදනාගාර දෙකකින් සහ ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යන පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයකින් සමන්විත JAT හෝල්ඩින්ග්ස් සමාගම නවෝත්පාදන හඳුන්වා දීමේ ප්රමුඛයෙකු ලෙස ස්ථාවරත්වයට පත් වී ඇත. අභියෝගාත්මක කාලවල දී පවා සිය මූල්‍ය ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට සමත් වූ JAT හෝල්ඩින්ග්ස් සමාගම ෆිච් රේටින්ග්ස් විසින් සිදු කරනු ලබන ශ්‍රේණිගත කිරීමෙහි ‘AA(lka)’ ජාතික ශ්‍රේණිගත කිරීම හිමි කර ගැනීමට සමත් වී ඇත. එමෙන් ම කීර්තිමත් LMD ශ්‍රේණිගත කිරීම මගින් ‘වඩාත් සම්මාන ලාභී ආයතනය’ ලෙස ශ්‍රේණිගත කෙරුණු JAT හෝල්ඩින්ග්ස් සමාගම, සේවය කිරීම සඳහා සුදුසු විශිෂ්ට සේවා ස්ථානයක් ලෙස ද සම්මානයට පාත්‍ර වී ඇත.