ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ලබා ගැනීමට නියමිත දෙවන වාරිකය ඉදිරි සතියේ හිමිවනු ඇති බව මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි.
IMF සමඟ පවත්වන සාකච්ඡා සාර්ථකව සිදුකරගෙන යන බවත් යම් යම් කාරණා සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් වන එකඟත්වයේ ප්‍රමාදයන් තිබෙන නමුත් ඒවා සමනය කොටගෙන ඉතා ඉක්මනින් දෙවනි වාරිකය ලබා ගැනීමට හැකියාව ඇති බව ඔහු වැඩි දුරටත් පෙන්වා දුනි.