ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ එකගත්වයකට පැමිණීමේ හැකියාව ඇති බව මුදල රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.
ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කොට තිබුණේ මොරොක්කෝවේදී පැවැති IMF සහ ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් වලදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘති හා තිරසර කිරීම පිළිබඳව දීර්ඝ සාකච්ඡා වූ බවයි.
තවද, විදේශ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල බොහෝ දුරට අවසන් බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.