ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ දී අය කරන ගාස්තු සංශෝධනය කිරීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා වන ගැසට් නිවේදනය මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව ජාතික හැඳුනුම්පතේ සහතික පිටපතල් සඳහා වනගාස්තුව රුපියල් 1,000ක් වේ.
ඊට අමතරව ජාතික හැඳුනුම්පතේ ඇති විස්තරවල සත්‍යතාව සහතික කිරීම සඳහා වන ගාස්තුව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක, රුපියල් 25ක් අය කිරීමටත් භෞතික ලේඛන මඟින් හෝ කොමසාරිස් ජනරාල්වරයා හට පිළිගත හැකි ඉලෙක්ට්‍රොනික ක්‍රමවේදයක් හරහා ඉදිරිපත් කරනු ලබන අවස්ථාවක රුපියල් 500ක් අය කිරීමට ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මීට අමතරව ජාතික හැඳුනුම්පත් ඡායාරූප ශිල්පියෙකු වශයෙන් ලියාපදිංචි කිරීම සඳහා වන ගාස්තුව රුපියල් 15,000ක් විය යුතු බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
මීට පෙර එම ගාස්තුව පැවතියේ රුපියල් 10,000ක් ලෙසය.
එම ලියාපදිංචි සහතිකය නැවත අලුත්කිරීම සඳහා වාර්ෂික ගාස්තුව ලෙස පැවති රුපියල් 2,000ක මුදල රුපියල් 3,000ක් ලෙස ඉහළ දැමීමට ද පියවර ගෙන තිබේ.
අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.