2024 වසරේ Asian Banker Global Excellence in Retail Financial Services සම්මාන උළෙලේදී අඛණ්ඩව 14 වැනි වරටත් හොඳම පාරිභෝගික බැංකුව ලෙස සම්මාන හිමි කර ගනිමින් ශ්‍රී ලාංකේය බැංකු ක්ෂේත්රය තුළ සිය විශිෂ්ටත්වය යළිත් වරක් සනිටුහන් කිරීමට පසුගියදා හැටන් නැෂනල් බැංකුව සමත් විය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත මහතා සඳහන් කර සිටියේ “පරම්පරා ගණනකගේ විශ්වාසය දිනා ගනිමින් ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්රගතියේ සහකරු ලෙස බැංකු හා මූල්‍ය සේවා සළසා දීමට HNB කටයුතු කර තිබෙනවා. අඛණ්ඩව වසර 14ක් තිස්සේ ශ්‍රී ලංකාවේ හොඳම පාරිභෝගික බැංකුව ලෙස ලද සම්මානය තව තවත් සාර්ථකත්වය සඳහා අපගේ ගමනට ඉමහත් ආශිර්වාදයක් වනු ඇතැයි අප විශ්වාස කරනවා” යනුවෙනි.
HNB ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න මහතා වෙතින් මෙම සම්මානය හිමි කරගනු ලැබුවේ බැංකුවේ ස්ථාවරත්වය, නවෝත්පාදනය හා පාරිභෝගික කේන්ද්‍රීය බැංකුකරණය සඳහා වූ කැපවීම මනාව ප්‍රදර්ශනය කරමිනි.
මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා “අඛණ්ඩව 14 වැනි වරටත් අප වෙත හිමි වූ මෙම සම්මානය පිළිබඳව ඉතාමත් සතුටුයි. අපගේ විශිෂ්ටත්වය හා නවෝත්පාදන සේවා වෙනුවෙන් අප දක්වන කැපවීම පිළිබඳ හොඳම නිදසුනක් ලෙස මෙය පෙන්වා දිය හැකියි. ඉදිරියේදීත් අපගේ පාරිභෝගිකයින් වෙත ඉහළ වටිනාකමක් ලබා දීම සඳහා අපගේ බැංකු සේවාවන් පහසුවෙන් සිදු කර ගැනීමේ හැකියාව හා විශිෂ්ටත්වය ඉහළ නැංවීමට අපි කටයුතු කරනවා” යනුවෙන් පැවසුවේය.HNB SOLO වැනි ඩිජිටල් ගෙවීම් ක්‍රමවල ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන HNB උපාය මාර්ගික සබඳතා හරහා වෙළෙඳපොලෙහි ඉහළ තත්වයේ ඩිජිටල් ගෙවීම් ඉහළ නැංවීමට දායකත්වය ලබා දී ඇත.