G77 රාජ්ය නායක සමුළුව කියුබාවේ අද (15) ආරම්භ වීමට නියමිතය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාද සමුළුවට සහභාගි වීමට නියමිත ය.
සමුළුවට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා පෙරේදා දිවයිනෙන් පිටත්ව ගිය අතර එම සමුළුව හෙට අවසන් වේ. ඉන් පසුව සැප්තැම්බර් 21 වනදා ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයේ රාජ්ය නායක සමුළුව ඇමතීම සඳහා ජනාධිපතිවරයා අමෙරිකාවට යාමට සැලසුම් කර තිබේ.