DFCC බැංකුවේ ලීසිං සේවා අංශය වන “DFCC ලීසිං” තවත් සුවිශේෂී පියවරක් තබමින් ‘අඩුවෙනකොට අඩුවෙන ලීසිං’ නමින් නවතම ලීසිං ප්‍රවර්ධන වැඩසටහනක් හඳුන්වා දී තිබේ. 2023 සැප්තැම්බර් 14 දින දක්වා පමණක් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, මෙමගින් ගනුදෙනුකරුවන්ට ලීසිං පොලී අනුපාත අඩු වන තුරු හෝ රථවාහන ආනයනය නැවත ආරම්භ වී මිලගණන් පහළ යන තුරු බලා නොසිට ඉක්මනින් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව හිමි වනු ඇත.
මෙම ලීසිං ක්රමයේ විශිෂ්ත්වය වන්නේ, වසරක කාලයකට පසු අමතර ගාස්තුවකින් තොරව අඩු පොලී අනුපාතයක් වෙත මාරු වීමට හෝ පැවති වාහනය වෙනුවට වඩාත් ඉහළ වටිනාකමකින් යුත් වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව හිමි වීම ය. මෙය ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු ලීසිං සේවාවක් වෙතින් මේ දක්වා ලබා දී නොමැති පහසුකමකි. මෙමගින් ගනුදෙනුකරුවන්ට තම වාහන සිහිනය ඉක්මනින් සපුරාගන්නා අතරම, අනාගතයේදී රථවාහන වෙළඳපොළ තුළ ඇති විය හැකි වාසිදායක තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැකි වේ.
“අපගේ ගනුදෙනුකරුවන් සවිබල ගන්වමින්, ඔවුන්ට ඉහළම නම්‍යශීලී සේවාවක් පිරිනැමීම අපගේ ඉලක්කයයි. මෙමගින් අපගේ ගනුදෙනුකරුවන්ට අදම වාහන මිලදීගෙන තම පහසුව සහ දියුණුව සලසා ගන්නා අතරම, අනාගතයේදී ඇති විය හැකි වාසිදායක තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීමට හැකි වෙනවා. ඔවුන්ට අවශ්‍ය නම්, රථවාහන ආනයනය නැවත ආරම්භ වූ පසුව අමතර ගාස්තුවකින් තොරව අලුත් වාහනයක් වෙත මාරු වීමටත් පුළුවන්.” DFCC බැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ පාරිභෝගික බැංකුකරණ හා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සේවා අංශ ප්‍රධානී ආසිරි ඉද්දමල්ගොඩ මහතා පැවසී ය.
මෙවැනි නිර්මාණශීලී ප්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාව තුළ දියත් කරන ලද ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය තම ගනුදෙනුකරුවන්ගේ ආකල්ප හොඳින් හඳුනාගෙන ඔවුන්ට වඩාත්ම ගැළපෙන විසඳුම් හඳුන්වා දීමට DFCC බැංකුව දරන උත්සාහයට මනා සාක්ෂියකි. තමන්ට ඇති තෝරාගැනීම් මොනවාද යන්න වටහාගෙන, එම තෝරාගැනීම් ක්‍රියාවට නැංවිය යුත්තේ කවදා යන්න තීරණය කිරීමේ නිදහස මෙමගින් ගනුදෙනුකරුවන් වෙත හිමි වන අතර, එමගින් ඔවුන්ට වර්තමාන වෙළඳපළ තත්ත්වයන්ගෙන් උපරිම ප්‍රයෝජන ගෙන තම සිහින වාහනය සැබෑකරගැනීමටත්, ඒ ඔස්සේ තම පෞද්ගලික හා ව්‍යාපාරික දියුණුව සාක්ෂාත් කරගැනීමටත් හැකියාව ලැබේ.
මෙම පෙරළිකාරී ලීසිං විසඳුම පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා ඔබට ළඟම පිහිටි DFCC බැංකු ශාඛාව වෙත හෝ DFCC බැංකුවේ නිල වෙබ් අඩවියේ https://www.dfcc.lk/products/leasing-personal/ ලිපිනය වෙත පිවිසෙන්න. 0112350000 දුරකථන අංකයෙන් පැය 24 පුරා ක්‍රියාත්මක DFCC බැංකුවේ ක්ෂණික ඇමතුම් සේවාව ඇමතීමෙන්ද තොරතුරු ලබාගත හැකි වේ.
DFCC බැංකුව පිළිබඳව
DFCC බැංකුව වසර 68 කට අධික ප්‍රෞඪ උරුමයක් හිමි, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමකින් පැවත එන, පුළුල් පරාසයක පැතිරුණු වාණිජ හා සංවර්ධන බැංකු සේවාවන් සපයන වාණිජ බැංකුවකි. හරිත මූල්‍යකරණයට සහ තිරසාර හා සමාජයීය ව්‍යවසායකයන්ට අත්වැලක් වෙමින්, රටේ තිරසාර ආර්ථික සංවර්ධනයට දායක විය හැකි ශක්තිමත් ව්‍යාපාර නිර්මාණය කිරීම ඇතුළුව, වඩාත් ශක්තිමත් දේශයක් බිහිකිරීම උදෙසා උරදෙන ප්‍රමුඛතම බැංකු අතරින් එකක් බවට පත්වීම, DFCC බැංකුවේ 2020-2030 තිරසාරත්ව ක්‍රමෝපායේ එක් ප්‍රධානතම ඉලක්කයක් වී තිබේ.
Green Climate Fund (GCF) සහතිකකරණය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම (සහ මේ දක්වා එකම) බැංකුව වන්නේ DFCC බැංකුවයි. මෙය DFCC බැංකුව තිරසාරත්වය උදෙසා දක්වන කැපවීම සනාථ කරන සාධකයක් වන අතර, මෙමගින් එම බැංකුවට මෙරට තුළ දේශගුණ විපර්යාසවල බලපෑම අවම කරන සහ එම බලපෑම්වලට අනුගත වීමට උපකාරී වන ව්‍යාපෘතිවලට අත්වැලක් වීම සඳහා සහනදායී මූල්‍ය පහසුකම් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ.
Euromoney වෙතින් හිමි වූ ‘2021 සහ 2022 වසරවල ශ්‍රී ලංකාවේ මුදල් කළමනාකරණයේ වෙළඳපොළ ප්‍රමුඛයා’ සම්මානය ඇතුළුව DFCC බැංකුව මේ දක්වා සම්මාන හා ඇගයුම් රැසකින් පිදුම් ලබා ඇති අතර, Business Today සඟරාව මගින් එම බැංකුව ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් 40 අතරට නම්කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නියාමනය වන DFCC බැංකුව, Fitch Ratings Lanka සමාගම වෙතින් ‘A- (lka) ස්ථාවර’ ශ්‍රේණිය හිමිකරගෙන තිබේ.