DFCC බැංකුව ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියේ සහ ‘Pro-Am 2025’ ඉසව්වේ නාම අනුග්‍රාහක (Title sponsor) ලෙස කටයුතු කරන බව පසුගියදා නිවේදනය කළේ ය. ජාත්‍යන්තර වශයෙන් ඉහළම පිළිගැනීමක් හිමි ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලිය මෙරටදී පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙයයි. 2025 ජනවාරි මස 7, 8 සහ 9 යන තෙදින තුළ දර්ශනීය ‘රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ්’ (Royal Colombo Golf Club) හිදී පැවැත්වූ මෙම තරගාවලිය, මෙරට කනිෂ්ඨ ගොල්ෆ් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේදීම ජාත්‍යන්තර තලයේ තරගාවලියකට සහභාගී වීම සඳහා සුවිශේෂී අවස්ථාවක් හිමිකර දී ඇත.
1996 වසරේදී ෆැල්ඩෝ තරගාවලිය ආරම්භ කරන ලද්දේ සුප්‍රකට ගොල්ෆ් ක්‍රීඩකයෙකු මෙන්ම සය වරක් මේජර් ශූරතා දිනූ ශ්‍රීමත් නික් ෆැල්ඩෝ විසිනි. කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබමින් අනාගත ගොල්ෆ් තරු බවට පත්වීමේ සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් ආරම්භ කරන ලද එම තරගාවලිය මේ වනවිට ලොව විශාලතම සහ ඉහළම පිළිගැනීමක් සහිත කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියක් ලෙස සැලකේ. අනාගත ගොල්ෆ් තරු බිහිකිරීම සම්බන්ධයෙන් කීර්තිමත් ඉතිහාසයක් සහිත එම තරගාවලියට, ලොව පුරා තරගාවලි 38 ක් හරහා රටවල් 28 ක් නියෝජනය කරමින් තරගකරුවන් හා තරගකාරියන් 7,000 කට අධික පිරිසක් සහභාගී වෙති. මීට පෙර මෙම තරගාවලියට සහභාගී වූ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මේ වනවිට ජාත්‍යන්තර ගොල්ෆ් පිටියේ දිලෙන තරු බවට පත් වී සිටිති.
ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකාවට මෙම සුවිශේෂී තරගාවලියට දායක වීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී ඇත. තරගාවලියේ ප්‍රධානතම අංගයක් වන ‘ෆැල්ඩෝ ජූනියර් ටුවර්’ ඉසව්ව යටතේ 13-16 සහ 17-21 වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ තරග පැවැත්වීමට නියමිත ය. ලෝක ආධුනික ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම් (World Amateur Golf Ranking – WAGR) මගින් අනුමත කර ඇති මෙම 54-hole තරගාවලියේදී තරගකරුවන්ට හා තරගකාරියන්ට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් ලකුණු හා ඇගයුම් හිමිකර ගැනීමට අවස්ථාව හිමි වේ. සෑම කාණ්ඩයකම ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට වියට්නාමයේදී පැවැත්වෙන ආසියානු අවසන් මහා තරගාවලියට (Faldo Series Asian Grand Final) සහභාගී වීමට අවස්ථාව ලැබෙන අතර, එහිදී විශිෂ්ට දක්ෂතා දක්වන්නන්ට ජාත්‍යන්තර තලයේ ගොල්ෆ් ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන යුරෝපීය අවසන් මහා තරගාවලියට (European Grand Final) සහභාගී වීමටද අවස්ථාව ලැබෙනු ඇත.
ප්‍රධාන තරගාවලියට පෙර ‘Pro-Am’ ඉසව්ව 2025 ජනවාරි 05 දින පවත්වන ලදි. DFCC Pinnacle ගනුදෙනුකරුවන් වෙනුවෙන්ම වෙන් වූ මෙම සුහද ඉසව්වට සහභාගී වන්නන්ට අනාගත ගොල්ෆ් තරු සමග එක්ව තරග වැදීමට අවස්ථාව හිමි විය.
“ජාත්‍යන්තර ෆැල්ඩෝ කනිෂ්ඨ ගොල්ෆ් තරගාවලියට මෙලෙස අනුග්‍රහය ලබාදීමට හැකි වීම අපට මහත් සතුටක්. මෙය අර්ථවත් සම්බන්ධතා ගොඩනංවා ගනිමින්, යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සවිබල ගන්වමින්, රටේ තරුණ පරපුරට ජාත්‍යන්තර වේදිකාවන්වලදී දක්ෂතා දැක්වීමට අවස්ථාව සලසා දීම සඳහා අප දක්වන උනන්දුවට හා කැපවීමට සාක්ෂි දරනවා. යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වටිනා අවස්ථා රාශියක් පිරිනමන මේ ගෞරවණීය තරගාවලිය මෙරටට රැගෙන එමින්, රටේ දක්ෂතා ලොවට ප්‍රදර්ශනය කිරීමට හැකි වීම අපට ආඩම්බරයක්.” DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා පැවසී ය.
“ෆැල්ඩෝ තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම මෙරට ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ලෙස හැඳින්වීමට පුළුවන්. DFCC බැංකුව ලබාදුන් නිර්ලෝභී අනුග්‍රහය නිසා මේ තරගාවලිය සංවිධානය කිරීමට අපට හැකි වුණා. මෙමගින් රටේ ගොල්ෆ් ක්‍රීඩා ක්ෂේත්රයට දීර්ඝකාලීන යහපතක් සිදු වනු ඇතැයි කියා අප විශ්වාස කරනවා.” රෝයල් කලම්බු ගොල්ෆ් ක්ලබ් හි ප්‍රධානී අම්රිත් ද සොයිසා මහතා පැවසී ය.
මෙම සුවිශේෂී තාරගාවලිය, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ගොල්ෆ් ක්‍රීඩාවේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමේ උත්සාහයේ වැදගත් සන්ධිස්ථානයක් වනු ඇති අතර, එය ක්‍රීඩාව ඔස්සේ ශ්‍රී ලංකාවේ තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා DFCC බැංකුව දක්වන උනන්දුව හා කැපවීම මැනැවින් පිළිබිඹු කරන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකි වේ. ජාත්‍යන්තර තලයේ තරගාවලියක අත්දැකීම් සමගින් අනාගත ගොල්ෆ් තරු බිහිකිරීම සඳහා මහඟු අත්වැලක් සපයන මෙම තරගාවලිය, ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්රයේ අතිශය තීරණාත්මක ඉසව්වක් බවට පත් වනු නිසැක ය. තරගාවලිය සහ ඒ සඳහා ලියාපදිංචි විය යුතු ආකාරය පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා 0774006543 දුරකථන අංකය සහ [email protected] ඊමේල් ලිපිනය ඔස්සේ මහින්ද පෙරේරා හා සම්බන්ධ වන්න.