ශ්‍රී ලංකාවේ ඩිජිටල් නවෝත්පාදනය සහ පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුකරණය සම්බන්ධ පුරෝගාමියෙකු වන DFCC බැංකුව, පසුගියදා පැවති BestWeb.LK Awards 2024 සම්මාන උළෙලේදී සම්මාන තුනකින් පිදුම් ලැබීමට සමත් විය. 14 වන වරටත් පැවැත්වුණු මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලද්දේ LK Domain Registry විසිනි. මෙම සම්මාන උළෙලේදී ‘Best Banking Website’ කාණ්ඩයේ රන් සම්මානය සහ බැංකුකරණ කාණ්ඩයේ ‘Best Mobile User Experience’ සඳහා විශේෂ සම්මානයක් මෙන්ම, කාණ්ඩ 22 ක් අතරින් සමස්ත රිදී සම්මානය හිමිකර ගැනීමටද DFCC බැංකුවට හැකියාව ලැබිණි. මේ ජයග්‍රහණ සියල්ල, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ලෙස නවීන තාක්ෂණය භාවිතා කරන පාරිභෝගික-කේන්ද්‍රීය බැංකුවක් ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරනු ඇත.
මෙම ජයග්‍රහණ සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ උප සභාපති සහ ඩිජිටල් අලෙවිකරණ ප්‍රධානී දිනේෂ් ජෙබමනි මහතා මෙසේ පැවසී ය. “BestWeb.LK 2024 සම්මාන උළෙලේදී මෙම සම්මාන හිමි වීම DFCC බැංකුව ලැබූ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙය අපගේ ගනුදෙනුකරුවන්ගේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුව ඔවුන්ට වඩාත් විශිෂ්ට තලයේ ඩිජිටල් අත්දැකීමක් පිරිනැමීමට අප දක්වන උනන්දුවට හා කැපවීමට සාක්ෂි දරනවා. නවෝත්පාදනය ඔස්සේ ඉදිරියට යන අතරම ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය සහතික කරමින්, සියලු අංශ සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම අපගේ ඉලක්කයයි.”
ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම ඩිජිටල් අත්දැකීමක් තිළිණ කිරීම සඳහා DFCC බැංකුව දරන නිරන්තර උත්සාහය අතිශයින් සාර්ථක වී ඇති බවට මෙම සම්මාන සාක්ෂි දරයි. පාරිභෝගිකයන්ට සරල, පහසු හා කාර්යක්ෂම ලෙස තමන්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වන ආකාරයට තම වෙබ් අඩවිය සැලසුම් කිරීම නිසා DFCC බැංකුවට විශිෂ්ටතම බැංකුකරණ වෙබ් අඩවිය කාණ්ඩයේ රන් සම්මානය හිමි විය. එමෙන්ම ‘Best Mobile User Experience’ කාණ්ඩයේ විශේෂ සම්මානයක් හිමි වීම මගින් තහවුරු වන්නේ, ස්මාර්ට් දුරකථන භාවිතයෙන් බැංකු සේවාවන් ලබාගන්නා පාරිභෝගිකයන්ගේ පහසුව සම්බන්ධයෙන්ද DFCC බැංකුව දැඩි අවධානයක් යොමුකර ඇති බවයි.
DFCC බැංකුවේ වෙබ් අඩවිය, නවීන ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සැමට මූල්‍ය සේවාවන් සමීප කරවීම සඳහා බැංකුව දරන උත්සාහය මැනවින් නිරූපණය කරන්නකි. ගනුදෙනුකරුවන්ට පුළුල් පරාසයක පැතිරුණු මූල්‍ය සේවාවන් රාශියක් පහසුවෙන් ලබාගැනීමට හැකි වන ආකාරයට එය සැලසුම් කර තිබේ. මෙයට එක්කර ඇති ආකෘති පත්‍ර භාවිතා කිරීම මගින් ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් DFCC බැංකුවේ සේවාවන් පිළිබඳව තොරතුරු ලබාගැනීමටත්, ගිණුම් විවෘත කිරීමටත් හැකියාව ලැබේ. වෙබ් අඩවිය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම භාවිතා කළ හැකි වීම ශ්‍රී ලංකාවේ මූල්‍ය අන්තර්කරණය ප්‍රවර්ධනය කිරීමට දායක වන තවත් සාධකයකි. එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ තොරතුරු දැනගැනීම සඳහා භාවිතා කරන ආකෘති පත්‍රය eKYC හෙවත් විද්‍යුත් ආකෘති පත්‍රයක් ලෙස වෙබ් අඩවියට ඇතුළත් කර තිබීම නිසා, බැංකු ශාඛාවන් වෙත පැමිණීමෙන් තොරව මෙන්ම ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවකින් තොරව ඔවුන්ට අන්තර්ජාලය ඔස්සේ ගිණුම් විවෘත කිරීමට හැකි වී තිබේ.
ගනුදෙනුකරුවන්ට නිසි පරිදි දැනුවත්ව මූල්‍ය තීරණ ගැනීම පහසු කිරීම සඳහා මූල්‍ය ගණක එකතුවක්ද DFCC බැංකුවේ නිල වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. ආයෝජන සැලසුම් ගණකය, ආදායම් බදු ගණකය, නිවාස ණය ගණකය, ලීසිං ගණකය, ස්ථාවර තැන්පතු ගණකය, පෞද්ගලික ණය ගණකය සහ Cash Back ගණකය ඇතුළු මෙවලම් රැසක් මීට ඇතුළත් වී තිබේ. එමෙන්ම සේවා තොරතුරු පහසුවෙන් සොයාගත හැකි වීම, වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා සමාජ මාධ්‍ය පිටු සමග සම්බන්ධ කර තිබීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් වර්ග සංසන්දනය කිරීමේ මෙවලමක් ඇතුළත් කර තිබීම නිසා මෙය ගනුදෙනුකරුවන්ට සුවිශාල පහසුවක් සලසන වෙබ් අඩවියක් බවට පත් වී ඇත.
DFCC බැංකුවට මෙම වසරේ BestWeb.LK Awards හිදී මෙලෙස සම්මාන හිමි වීම මගින් පෙනී යන්නේ, ඩිජිටල් බැංකුකරණයේ නිම්වළලු පුළුල් කරමින් මෙරට බැංකු ක්ෂේත්රයේ ඩිජිටල් පරිවර්තනය තුළ ඉදිරියෙන්ම සිටීමට එය සමත් වී ඇති බවයි. මෙවැනි පියවර ඔස්සේ දිගින් දිගටම ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක්, කාර්යක්ෂම සේවාවක් සහ තෘප්තිමත් අත්දැකීමක් තිළිණ කරමින් ‘කාටත් ගැළපෙන බැංකුව’ ලෙස තමන් සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරගැනීම DFCC බැංකුවේ අරමුණ වී තිබේ.