Beach Kho Kho ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට Ceylon Sapphire Mining පෞද්ගලික සමාගම අනුග්‍රහය දක්වයි. එම ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීමේ උත්සවය 2024 දෙසැම්බර් 24 දින මීගමුව වෙරළ තීරයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ ලේකම් සහ කීර්තිමත් ක්‍රීඩා උපදේශකවරයෙකු වන අතුල විජේනායක Kho Kho සහ Beach Kho Kho ක්‍රීඩා මෙරටට හඳුන්වා දීමට විශාල කාර්යභාරයක් ඉටු කළේය. Ceylon Sapphire Mining සභාපති සංජීව ප්‍රියන්ත ෆොන්සේකා මහතා ශ්‍රී ලංකා Beach Kho Kho සම්මේලනයේ සභාපති සහ ශ්‍රී ලංකා Kho Kho සංගමයේ උප සභාපති ලෙස කටයුතු කරයි. Kho Kho සම්මේලනයේ උප සභාපතිවරුන් වන ලුතිනන් කමාන්ඩර් චන්ද්‍රලාල් නානායක්කාර හා දයානන්ද නවරත්න සහ භාණ්ඩාගාරික බුද්ධික රණරාජා, Ceylon Sapphire Mining අධ්යක්ෂ මේජර් අරුණ කුමාර එම ක්‍රීඩාවේ අභිවෘද්ධියට කටයුතු කරති.
පරිසර හිතකාමී ක්‍රමවේද භාවිතා කරමින් මැණික් ගැරීම සිදු කරන Ceylon Sapphire Mining සමාගමට අනුබද්ධ Ceylon Facet පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාව මෙන්ම නවසීලන්තය, තායිලන්තය, චීනය වැනි රටවලින් ලැබෙන මැණික් කපා ඔප දැමීම සිදු කරයි. යුරෝපයට, චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට වසර 30ක් පුරා මැණික් අපනයනය කරන එම සමාගම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් ඇතුළු 125කට වැඩි පිරිසකට රැකියා අවස්ථා සපයා ඇත. වර්තමානයේදී ශ්‍රී ලංකා Kho Kho කණ්ඩායම Kho Kho ලෝක කුසලාන තරගාවලියට සූදානම් වේ. මෙම මස 13 සිට 19 දක්වා ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන එම තරගාවලියට රටවල් 24ක පිරිමි කණ්ඩායම් 21ක් සහ කාන්තා කණ්ඩායම් 20ක් සහභාගී වේ. ප්‍රතීක් වේකර්, ආදිත්‍ය ගන්පුලේ, ප්‍රියංකා ඉන්ග්ල් වැනි අතිදක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ ප්‍රදර්ශන තරග ක්‍රීඩා ලෝලීන් තුළ විශාල උද්යෝගයක් ඇති කර ඇත. ඉන්දියාවේ ආරම්භ වූ Kho Kho ක්‍රීඩාවට වසර 150කට වැඩි ඉතිහාසයක් ඇත.
Ceylon Sapphire Mining සමාගම Beach Kho Kho ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට අනුග්‍රහය දක්වයි
Leave a comment