ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රමුඛතම ආයතනයක් වන Asiri Academy of Health Sciences (AAHS) විසින් එහි ප්‍රධාන සරසවි මණ්ඩපය කොළඹ 7, වෝඩ් පෙදෙසේ දී පසුගිය දා විවෘත කරනු ලැබීය. නවීනතම පහසුකම්වලින් සමන්විත මෙම සරසවිය, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ කුසලතා සංවර්ධනය උදෙසා ආසිරි හෙල්ත් ගෙනයන මෙහෙවරෙහි තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස ද හඳුන්වා දිය හැකිය.
2030 වන විට ලෝකයේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල සෞඛ්‍ය සේවකයන් මිලියන 18ක හිඟයක් ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනාවැකි පළ කර ඇත. AAHS වෙතින් සිදු කළ මෙම කටයුත්ත තීරණාත්මක එකක් වන්නේ ගෝලීය සෞඛ්‍ය සේවා අංශයේ ඉල්ලුම වැඩි වෙමින් පවත්නා මෙවැනි මොහොතක වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවකයන් සඳහා වර්ධනය වන ඉල්ලුමට සරිලන පරිදි සහ විදේශීය වෘත්තීය මාර්ග සඳහා අවස්ථා සලසමින්, සෞඛ්‍ය සේවකයන්ට උසස් තත්ත්වයේ අධ්‍යාපන සහ පුහුණු අවස්ථා විවර කර දීම මෙම නව මණ්ඩපයේ අපේක්ෂාවයි.
නවීනතම පහසුකම් රැසක් සහිත මෙම නව මණ්ඩපය තුළ හෙද නිපුණතා සඳහා ශ්‍රී ලංකාවේ ඇති හොඳම විද්‍යාගාරයක්, නවීන දේශන ශාලා හා ශ්‍රවණාගාර, පුස්තකාල පහසුකම් පමණක් නොව උසස් ඉගෙනුම් කළමනාකරණ පද්ධතියක් ද ඇතුළු ඉහළම ඉගෙනුම් පරිසරයකින් ද සමන්විතය.
ආසිරි හෙල්ත් හි ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය මංජුල කරුණාරත්න මහතා අදහස් දක්වමින් “මෙම හඳුන්වා දීම සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ආසිරි හෙල්ත් අපේ කැපවීම ගැන දිය හැකි හොඳම නිදසුනක්. විශිෂ්ට සෞඛ්‍ය අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන්, ඉහළම සම්පත් සහිත නවීනතම නිපුණතා විද්‍යාගාරයක් සමඟ නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස මෙම පාසැල අපි ගොඩනඟා තිබෙනවා. රටේ යහපැවැත්මට දායක වන සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ගේ ඊළඟ පරම්පරාව නිර්මාණය කරන පරිසරයක් AAHS විසින් නිර්මාණය කර තිබෙනවා. ඒ වගේම, AAHS විෂය පථයන් පුළුල් කරමින්, සෞඛ්‍ය හා සම්බන්ධ නොවන වෙනත් උසස් තත්ත්වයේ විවිධ අධ්‍යාපනික වැඩසටහන් ද විෂය මාලාවන්ට ඇතුළත් කිරීමට අප බලාපොරොත්තු වනවා”. යනුවෙන් පැවසීය.
AAHS මඟින් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිට උපාධි මට්ටම දක්වා විවිධ වූ මට්ටම්වල සිසුන්ට පරිපූර්ණ අධ්‍යාපන වැඩසටහන් සහ සුවිශේෂී සායනික ඉගෙනුම් අවස්ථා පිරිනමනු ලබයි. හෙද, සත්කාරක, ෆ්ලෙබොටොමි, වෛද්‍ය රසායනාගාර තාක්ෂණය සහ ඖෂධවේදය වැනි වැඩසටහන් රැසක් සඳහා සිසුන්ට ලියාපදිංචි විය හැකිය. සිසුන් සාමාන්‍යයෙන් දින තුනක් ඇකඩමියේ සහ දින දෙකක් රෝහලේ හැදෑරීම් සිදු කළ යුතු අතර, න්‍යායාත්මක හා ප්‍රායෝගික වශයෙන් සමතුලිත ඉගෙනුම් ක්‍රමවේදයක් ඔස්සේ විෂය මාලාව සකස් කර ඇත.
ආසිරි ඇකඩමියේ ඉගෙනීමේ ප්‍රධාන වාසියක් වන්නේ සායනික කටයුතු සඳහා සහභාගී වීමට සිසුන්ට හිමි වන අද්විතීය අවස්ථාවයි. රට පුරා රෝහල් හයක් සහ ඇඳන් 800කින් සමන්විත ආසිරි හෙල්ත් මඟින්, සිසුන්ට ලැබෙන මෙම පුළුල් ප්‍රායෝගික අත්දැකීම ඉතා සුවිශේෂී එකකි. එමෙන්ම, සිසුන්ට සහ සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට ඇති අවස්ථා තවදුරටත් පුළුල් කරමින් පෝට් සිටි ආසිරි සෞඛ්‍ය රෝහල 2027 දී විවෘත කිරීමට ආසිරි හෙල්ත් සූදානමින් සිටියි.
මෙම නව කොළඹ මණ්ඩපය AAHS හි ප්‍රධාන කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කරනු ඇති අතර, ශ්‍රී ලංකාව පුරා ගුණාත්මක සෞඛ්‍ය අධ්‍යාපනය සඳහා ප්‍රවේශය සහතික කරමින් AAHS මධ්‍යස්ථාන දෙකක් මහනුවර සහ ගාල්ලේ ද විවෘත වීමට නියමිතය.
AAHS විසින් 2024 දෙසැම්බර් පළමු සතියේ විවෘත දිනයක් පැවැත්වීමට සූදානමින් සිටින අතර, අනාගත සිසුන්ට මෙහි ඇති නවීන පහසුකම් ගවේෂණය කිරීමට සහ පිරිනමනු ලබන වැඩසටහන් පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීමට මෙමඟින් අවස්ථාව හිමි වනු ඇත. ලියාපදිංචිය පිළිබඳ වැඩි විස්තර සඳහා 076 326 6406 අමතන්න හෝ https://asirihealthacademy.com/ වෙබ් අඩවියට පිවිසෙන්න.