සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයාට වෙන්කරන ලද ඉන්ධන දීමනාව වෙනත් පාර්ශවයක් වෙත ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම එම පළාත් සභාව් ප්‍රධාන ලේකම්වරයාගෙන් අද (28) සිදුකිරීමට නියමිත ය.
පසුගිය දා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සබරගමුව පළාත් සභාවේ කටයුතු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර එහිදි සබරගමුව පළාත් සභාවේ 2019, 2020 සහ 2021 යන වසර වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ විශේෂ අවදානයක් යොමු කර තිබුණි.
එහිදි පළාත් ආණ්ඩුකාරවරයා දිවයිනෙන් බැහැරව සිටි කාලයේ ඔහුට නිෂ්චය කරන ලද ඉන්ධන දීමනාව පෞද්ගලික ලේකම්වරියකට ලබාදීම සම්බන්ධයෙන් කරණු අනාවරණය විය.
මේ හේතුවෙන් අද දිනයේ තමන් සබරගමුව පළාත් සභාව් ප්‍රධාන ලේකම්වරයාගෙන් කරුණු විමසීම සිදුකරනා බවත්, ඒ පිළිබඳ විධිමත් පරික්ෂණයක් සිදුකිරිමට කටයුතු කරනා බවත් විෂය භාර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පැවසුවේය.
මෙලෙස එක් අයෙකුට වෙන්කර ලබාදෙන ඉන්ධන දීමනාව තවත් අයෙකුට ලබා දීමට රජය විසින් කටයුතු සම්පාදනය කර නොමැත.