අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක සුගත් මෙන්ඩිස් සහ නිශාන්ත සිල්වා යන අය ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ කෙරෙණ නඩු විභාගයෙන් නිදහස් කෙරිණි.
නීතිපතිවරයාගේ උපදෙස් නොතකා සැකකරුවන නිදහස් කිරීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සිය විරෝධය පළ කළේය.
කෙසේ වෙතත්, අබේසේකර සහ සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වලට අනුව යමින් ගම්පහ මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා සැකකරුවන් සිව්දෙනාම නිදහස් කළාය.
කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ෂියාම් ඝාතනය කිරීම සම්බන්ධයෙන් නඩු විභාගයකදී ඔහුගේ පුත්‍රයා සහ තවත් හතර දෙනෙකු සමඟ වරදකරු කරනු ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ තවත් සිව් දෙනෙකු කොටු කර ගැනීම සඳහා ඇතැම් ස්ථානවල අවි ආයුධ තබා ඇති බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාස 11ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
2019 ජනාධිපතිවරණයෙන් පසු බලයට පත් නව පාලනය විසින් හිටපු අධ්යක්ෂවරයා අත්අඩංගුවට ගැනීම ඔහුට එරෙහිව සිදුකළ පළිගැනීමක් ලෙස සැලකේ. මාස 11 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු අභියාචනාධිකරණය ඔවුන් දෙදෙනාටම ඇප ලබා දුන්නේ මේ සමස්ත නඩුවම බොරුවක් බව පවසමිනි.
කෙසේ වෙතත්, අභියාචනාධිකරණ තීන්දුව නොතකා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු මංජුල කරුණාරත්න විත්තිකරු නඩු විභාගයෙන් නිදහස් කිරීම ප්‍රතික්ෂේප කළ අතර ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ අදාළ නඩුව දිගටම පැවැත්වුණේ නීතිපතිවරයා විත්තිකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙස උපදෙස් ලබාදී තිබිය දීය.
සැකකරුවන් වෙනුවෙන් නීතීඥ චමින්ද අතුකෝරල, හෆීල් ෆාරිස්, සංජීව කොඩිතුවක්කු ඇතුළු නීතිඥවරු රැසක් පෙනී සිටියහ.