2020 වසරේ පවැති ඇමරිකානු ජනපතිවරණයේ ජෝර්ජියා ප්‍රාන්තයේ චන්ද ප්‍රතිඵලය වෙනස් කිරීමට කුමන්ත්‍රණය කළ බවට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට එල්ල වූ චෝදනා පිළිගනිමින් ඔහු ජෝර්ජියාවේ ඇට්ලැන්ටා බන්ධනාගාරයට භාර වී තිබේ.
ඔහු බන්ධනාගාරයේ විනාඩි විස්සක පමණ කාලයක් රැදී සිටි අතර බන්ධනාගාරයෙන් නිදහස් වීම සඳහා ඇමරිකානු ඩොලර් 200,000 ඇප බැදුම්කරයක් ගෙවීමට ඔහුට සිදුවිය.
අනතුරුව මෙම නඩුවට සම්බන්ධ සමවිත්තිකරුවන් හෝ සාක්ෂිකරුවන් බියගැන්වීම වෙනුවෙන් සමාජ මාධ්‍ය භාවිත නොකිරීම ඇතුළු තවත් මුදාහැරීමේ කොන්දේසිවලට එකඟවීමෙන් පසු ඔහු මුදා හැර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබුණි.
ඔහු බන්ධනාගාර ගතව සිටි කාලය තුළ දී නිල කටයුතු සඳහා සිරකරුවන්ගෙන් ලබා ගන්නා මුහුණේ ඡායාරූපයක් (Mugshot) ද ලබා ගෙන තිබූ අතර පොලිස් පොතට ගිය පළමු ඇමරිකානු ජනපතිගේ ඡායාරූපය ද එය වේ. ඒ නිසා එය ඓතිහාසික ඡායාරූපක් විය.
බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසුව ඔහු එම ඡායාරූපය සිය ට්විටර් ගිණුමේ “මැතිවරණ මැදිහත්වීම් වලට කිසිවිටෙක යට නොවන්න!” යනුවෙන් සටහනක් තබමින් පළ කර තිබූ අතර මේ ඓතිහාසික ඡායාරූපයට ලෝක මාධ්‍යයේ මෙන්ම සමාජ මාධ්‍ය වලද වැඩි ඉඩක් වෙන් ව තිබුණි.
ඩොනල්ඩ් ට්‍රම්ප්; එල්විස්, ෆෑන්ක් සිනාත්‍රා, අල් කැපෝනේ සහ ආචාර්ය මාටින් ලූතර් කින් ජූනියර් වැනි පොලිස් අත්අඩංගුවට පත් ජනප්‍රිය පුද්ගලයන් අතරට එක්විය.
රසිත ජයවීර