ගම්පහ ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විවෘත අභියෝගයක් කළේ ඇතැමුන් චෝදනා කරන පරිදි තමන් ජනතා මුදල් එක සතයක් වංචා කර ඇත්නම් සිරගත කර පෙන්වන ලෙසයි.
ඒ, ජනතා විමුක්ති පෙරමුණ අක්වෙරළ ගිණුම් පවත්වාගෙන යන බවට පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි තමා දිනක් හෝ සිරගත කළ යුතු බවට කළ ප්රකාශයන්ට පිළිතුරු ලෙස යි.
ඒ අනුව ඔහු ජනතාව අමතමින් ප්රකාශ කර සිටියේ තමා හෝ තම පක්ෂයේ කිසිවකු ජනතාවගෙන් සතයක් හෝ වංචා කොට නැති බවත් එසේ කර ඇතිනම් නම් ඔවුනට මේ ලෙස දේශපාලනය කිරීමට බැරි බවත් ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂත් ඔවුන්ට දඬුවම් කිරීමට කොමිසමක් පත් කළ ද එම කොමිසමේ සාක්ෂි විභාගය අවසන් වීමටත් පෙර ඔහුට ගෙදර යාමට සිදුවූ බව හෙතෙම වැඩිදුරටත් පැවසීය.