දඹුල්ල ඕරා සහ බී- ලව් කැන්ඩි අතර ඊයේ (20) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති එල් පි එල් හතරවන දිගහැරුමේ අවසන් මහා තරගයේ ශූරතාවය බී – ලව් කැන්ඩි කණ්ඩායම දිනා ගත්තේය.
කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දඹුල්ල ඕරා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 4 ට ලකුණු 147ක් ලබා ගත් අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ධනංජය සිල්වා ලකුණු 40 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි බී- ලව් කැන්ඩි ක්‍රීඩකයින් පන්දුවාර 19.5 දී කඩුළු 05 ක් දැවී එම ඉලක්කය පසු කිරීමට සමත් විය. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් කමිඳු මෙන්ඩිස් ලකුණු 44ක් රැස් කිරීමට සමත් වූයේය.
තරගයේ අවසාන මොහොතේ ප්‍රහාරයක් දියත් කළ ඇන්ජලෝ මැතිව්ස් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ අතර තරගාවලිය පුරා පිත්තෙන් හා පන්දුවෙන් එක ලෙස දස්කම් දැක්වූ වනිඳු හසරංගට තරගාවලියේ වීරයා සම්මානය හිමි විය.
ලකුණු සටහන
දඹුල්ල ඕරා – 147/4
ධනංජය සිල්වා – 40
සධිර සමරවික්‍රම – 36
කුසල් පෙරේරා – 31*
චතුරංග ද සිල්වා – 2/25
බී – ලව් කැන්ඩි – 151/5
කමිඳු මෙන්ඩිස් – 44
මොහොමඩ් හැරිස් – 26
ඇන්ජිලෝ මැතිව්ස් – 25*
නූර් අහමඩ් – 3/27