2023 අගෝස්තු 03: ආසිරි ශල්‍ය රෝහල මගින් සංකීර්ණ හෘද සැත්කමක් වන, ට්රාන්ස්කැතීටර් මහාධමනි කපාට බද්ධ කිරීම හෙවත් TAVI සැත්කමක් සාර්ථකව සිදු කරන ලදී. ඒ මීට පෙර බයිපාස් සැත්කමකට භාජනය වූ රෝගියෙකුටයි. දශක ගණනාවක් තිස්සේ මහා ධමනි කපාට ප්‍රතිස්ථාපනය සඳහා විවෘත හෘද සැත්කම් අවශ්‍ය වූ නමුත් අවදානම් අවම ක්‍රියා පටිපාටියක් ලෙස TAVI ධනාත්මක ප්‍රතිඵල ලබා දෙන අතරම වරක් විවෘත හෘද සැත්කම් දරා ගැනීමට අපහසුවූ රෝගීන්ටද මේ හරහා ජීවන බලාපොරොත්තු ඉහළ නංවා ගත හැකිය.
ඉතා දක්ෂ මෙන්ම පළපුරුදු හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වන ගෝඨාභය රණසිංහ මහතා ඇතුළු වෘත්තීය වෛද්‍ය කණ්ඩායමක් විසින් මෙම ක්‍රියාවලිය සිදු කරන ලදී. මෙම සුවිශේෂී සන්ධිස්ථානය සහ අත් කරගත් සාර්ථක ප්‍රතිඵලය සංකීර්ණ හෘද රෝග සහිත රෝගීන් තුළ නව බලාපොරොත්තුවක් ඇති කර ඇත. තවද මෙම ක්‍රියා පටිපාටිය හරහා වෛද්‍ය ක්ශේත්‍රයේ සීමාවන් පුළුල් කිරීමටත් රෝගීන් සඳහා අති නවීන වෛද්‍ය විසඳුම් ලබා දීමටත් රෝහල සතු නිරන්තර කැපවීම ඉස්මතු කරයි.
ආසිරි ශල්‍ය රෝහල විසින් මෑතකාලීනව TAVI ක්‍රියාවලිය සිදු කරන ලද්දේ මීට වසර හතකට පෙර බයිපාස් සැත්කමකට භාජනය වූ (74) හැවිරිදි පුද්ගලයෙකුටය. ඔහුගේ වෛද්‍ය ඉතිහාසය සැළකූ විට, ඔහු නැවත නැවතත් විවෘත හෘද සැත්කම් කිරීමට නුසුදුසු මට්ටමක පසුවිය. කෙසේ වෙතත්, TAVI ක්‍රියාවලිය නිසාවෙන්, ඔහුගේ ජීවන තත්ත්වය සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ හැකි ජීවිතාරක්ෂක ප්‍රතිකාර ක්‍රමවේදයක් ඔහුට හිමි විය..
ආසිරි ශල්‍ය රෝහලේ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමේ දක්ෂතාවයෙන් සහ TAVI තාක්ෂණයෙන් රෝගියා සාර්ථකව ඉක්මන් සුවය ලැබීය. සමස්ත ක්‍රියාවලිය අවසන් වී දින තුනකින් පසුව ඔහු සුවය ලබා රෝහලෙන් පිට විය.
අතීතයේ දී, විවිධ හේතු නිසා විවෘත හෘද සැත්කම් කිරීමට නොහැකි වූ ධමනි කපාටය ආශ්රිත සංකූලතා සහිත රෝගීන්, හදිසි මරණවලට මෙන්ම සැලකිය යුතු අවදානම් වලටද මුහුණ දුන්හ. කෙසේ වෙතත්, TAVI හඳුන්වාදීමත් සමඟ සුවදායී ජීවන තත්ත්වයක් යළි ලඟා කරගැනීමට ඔවුන්ට අවස්ථාව උදාවී ඇත.
TAVI යනු සාම්ප්‍රදායික විවෘත හෘද ශල්‍යකර්මයකට යොමු නොවී හානියට පත් මහාධමනි කපාටයක් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා නිර්මාණය කර ඇති අවදානම් අවම ක්‍රියාවලියකි. මෙහිදී අති නවීන කැතීටර් පාදක තාක්ෂණික ක්‍රම යෙදවීමෙන්, පටු වූ මහා ධමනි කපාටය තුළට bioprosthetic කපාටයක් ඇතුල් කිරීම හරහා අවසානයේ රුධිර ප්‍රවාහය සාමාන්‍ය තත්වයට පත් කිරීම සහ හෘද ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරීම සිදුවේ.
මෙම ක්‍රියා පටිපාටිය පිළිබඳව අදහස් දක්වමින් වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා ප්‍රකාශ කළේ, මනා සැලසුමක් මෙන්ම හොඳ සූදානමක් අවශ්‍ය වූ මෙම සංකීර්ණ ක්‍රියා පටිපාටිය සිදු කිරීමට හැකිවීම පිළිබඳව තමන් සැබැවින්ම තෘප්තිමත් වන අතර, ඒ හරහා අතිශය සාර්ථක ප්‍රතිඵලයක් ලැබුණු බවයි. එවැනි තාක්ෂණිකව දියුණු විසඳුම් සංවර්ධනය කිරීමේදී අධික පිරිවැයක් දැරීමට සිදුවන නිසා, ප්‍රතිකාරය වටිනාකමින් වැඩි බැවින් TAVI ක්‍රියා පටිපාටිය රාජ්‍ය අංශය තුළද ලබාදීමට ශ්‍රී ලංකාවට ඉක්මනින් හැකිවනු ඇතැයි යන්න සිය අවංක බලාපොරොත්තුව බවද ඔහු පැවසීය.
ශ්‍රී ලංකාව තුළ, වෙනස්වන ජීවන රටාව නිසා හෘද රෝග ඇතිවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති අතර, එය සැලකිය යුතු ජාතික සෞඛ්‍ය ගැටලුවක් බවට පත්ව ඇත. වැරදි ජීවන රටා, සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර තෝරා ගැනීම් සහ ආතති මට්ටම් ඉහළ යාම ආදී කරුණු ජනතාව අතර හෘද ආශ්රිත රෝග වැඩිවීමට හේතු වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම සෞඛ්‍ය අභියෝග වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා පුළුල් හෘද සත්කාර පහසුකම් අත්‍යවශ්‍ය වේ.
ආසිරි ශල්‍ය රෝහලෙහි හෘද සත්කාර මධ්‍යස්ථානය (Heart Centre) ශ්‍රී ලංකාවේ රෝගීන් සඳහා හෘද සත්කාර පහසුකම් පිළිබඳ සම්පූර්ණ ආවරණය ලබා දීමට කැපවී සිටී. දියුණු තාක්ෂණයෙන් සමන්විත රෝහල හෘද රෝග විශේෂඥයින් සහ පළපුරුදු වෘත්තීය කණ්ඩායමක් සමඟ රෝග විනිශ්චය කිරීම්, අවදානම් නොවන ප්‍රතිකාර, සම්බන්ධීකරණ ක්‍රියා පටිපාටි, ශල්‍යකර්ම සහ හෘද පුනරුත්ථාපන වැඩසටහන් ඇතුළු හෘද සේවා පිළිබඳ සම්පූර්ණ ආවරණය ලබා දෙනු ඇත. ආසිරි සර්ජිකල් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා අවබෝධ කර ගැනීමට දැඩි ලෙස කැපවී සිටින අතර හදවත් සුවතාවය පවත්වා ගැනීමට පුරවැසියන් සවිබල ගැන්වීම සඳහා අඛණ්ඩව නව්‍ය විසඳුම් සොයයි.ආසිරි හෘද මධ්‍යස්ථානයෙන් තොරතුරු දැනගැනීම සඳහා අමතන්න 0777-268802.