සජබ (SJB) මන්ත්රීවරුන් පිරිසක් අනෙකුත් පක්ෂවල මන්ත්රීවරුන් හා එක්ව “ආර්ථික යුක්තිය සඳහා වූ මන්ත්රී සංසදය” නමින් ඒකාබද්ධ කණ්ඩායමක් පිහිටුවීමට සියලු පක්ෂවල මන්ත්රීන්ගේ සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් සජබ මන්ත්රීවරුන් කියා සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්රීවරුන් ද එම කණ්ඩායමට එක්වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
එම මන්ත්රීවරුන් ඉදිරි සතියේදී මෙම සම්බන්ධව ප්රකාශයක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටී.