වාර්ෂිකව පවත්වනු ලබන මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර සතර මහා දේවාලයන් හි කප් සිටුවීමත් සමඟ අද ආරම්භ වේ. කප සිටුවීමෙන් පසු සතර මහා දේවාලවල අභ්‍යන්තර පෙරහැර පහක් පැවැත්වෙන අතර ඉන් අනතුරුව කුඹල් පෙරහැර වීථි සංචාරය කිරීම ආරම්භ වන්නේය.
දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිළංග දෑල ප්‍රකාශ කළේ, අද(17) උදෑසන 6.12 යෙදුණු සුබ මොහොතින් කප් සිටුවීම සිදුකළ අතර අභ්‍යන්තරික දේවාල පෙරහැර පහ අවසන් වූ පසුව ලබන 21 වනදා සිට කුඹල් පෙරහැර ආරම්භ වන බවයි.
රන්දෝලි පෙරහැර ලබන 26 වනදා ආරම්භ වීමට නියමිත අතර අවසාන රන්දෝලි පෙරහැර එළඹෙන 30 වන නිකිණි පොහොය දිනයේ සිදු කිරීමට කටයුතු යොදා තිබේ.
පසුදා අලුයම (31) ගැටඹේ තොටේ දිය කැපීමෙන් පසුව මහනුවර දළදා පෙරහැර අවසන් වීමට නියමිතය.