අනවසරයෙන් ඊශ්රායලයට ඇතුළු වීමට උත්සාහ කළ ලාංකිකයින් හත්දෙනෙකු ඊශ්රායල් – ජෝර්දාන දේශ සීමාවේ දී ජෝර්දාන හමුදා අත්අඩංගුවට පත්ව තිබේ.
ජෝර්දාන හමුදා වෙබ් අඩවිය සඳහන් කළේ, මෙම ශ්රී ලාංකිකයින් හත්දෙනා දේශසීමා හරහා ගමන් කරමින් සිටියදී ඊයේ (16) දිනයේ අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව ජෝර්දාන හමුදා අත්අඩංගුවට පත් ලාංකිකයින් හත්දෙනා බලධාරීන් වෙත භාරදුන් බව එම වෙබ් අඩවියේ තවදුරටත් සඳහන් කර තිබේ.
ඊශ්රායල් – ජෝර්දාන දේශ සීමාවේ දී පසුගිය වසරවල දී අප්රිකා, ආසියා සහ තුර්කි යන රටවලින් ඊශ්රායල් රැකියා ලබාගැනීමට පැමිණෙන පිරිස් අනවසරයෙන් ඇතුළු වූ අවස්ථා කිහිපයක් වාර්තා වී තිබුණි.
පසුගිය වසරේ එලෙස ඊශ්රායලයට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 52දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වසරේ පළමු කාර්තුවේ දි පුද්ගලයින් 23 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.