චීනයේ තෙල් සමාගමක් වන සිනොපෙක් සමාගම ලබන සැප්තැම්බර් 20 වනදා සිට ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන අතර ම රජය විසින් නියම කර ඇති උපරිම සිල්ලර මිලට වඩා අඩුවෙන් ඉන්ධන අලෙවි කිරීමට අවසර දෙන බව විදුලිබල අමාත්‍ය කාංචන විජේසේකර ඊයේ (15) පැවසීය.
Sinopec ශ්‍රී ලංකාවට පැමිණීම ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත මත ඇති පීඩනය අඩු කිරීමට උපකාරී වනු ඇති අතර, ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වන විට තවත් ජාත්‍යන්තර ඉන්ධන ක්‍රියාකරුවන් දෙදෙනෙකු දිවයිනේ මෙහෙයුම් ආරම්භ කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍ය වැඩිදුරටත් පැවසීය.
මේ වසර මුලදී චීන සිනොපෙක් සමාගම හා ඇතිකරගත් නව ගිවිසුම යටතේ, ශ්‍රී ලංකාව තුළ ඉන්ධන පිරවුම්හල් 150 ක් පවත්වාගෙන යාම සඳහා වසර 20 ක බලපත්‍රයක් ලබා දෙන ලද අතර නව ඉන්ධන පිරවුම්හල් 50 ක් ආයෝජනය කිරීමට ද හැකියාව ලබා දුනි.