මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසාදෙයි. දශක දෙකකට වැඩි ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය බිහි කළ නිපුණත්වයෙන් හෙබි සෞඛ්‍ය වෘත්තිකයෝ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, අමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල් රැසක සේවය කරති.
IIHS ආයතනයේ සම නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරී සහ වෛද්‍ය අධ්‍යාපන පීඨාධිපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා ගෝලීය විශේෂඥ වෛද්‍ය වෘත්තික හිඟයට පිළියම් යෙදීම සඳහා ආයතනය සතු දැක්ම පිළිබඳව මෙලෙස පැවසීය. “2030 වන විට ගෝලීය වශයෙන්, විශේෂයෙන්ම අඩු සහ මැදි ආදායම්ලාභී රටවල වෛද්‍යවරුන්ගේ හිඟය මිලියන 10ක් දක්වා ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අගවනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස අප ගෝලීය වශයෙන් පිළිගත් වෛද්‍ය අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසනවා.”
IIHS ආයතනය MedStart, Biomedical Science සහ International School of Western Australia (ISWA) යනුවෙන් ප්‍රථම උපාධි වැඩසටහන් තුනක් හඳුන්වා දී තිබේ.
IIHS Multiversity ආයතනයේ GEMS අධ්‍යාපන ආයතනය පවත්වන MedStart උපාධි වැඩසටහනේ කාල සීමාව වසර දෙක හමාරකි. ඒ යටතේ එක්සත් රාජධානියේ Surrey විශ්ව විද්‍යාලය පිරිනමන වෛද්‍ය විද්‍යා උපාධියක් ලැබිය හැකිය. එම සුදුසුකම සම්පූර්ණ කරන සිසුන්ට ගෝලීය වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය විද්‍යාව, පශු වෛද්‍ය විද්‍යාව, වෛද්‍ය සහකාර වැනි ක්ෂේත්රවලට අදාළ උපාධි හැදෑරිය හැකිය. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, සිඩ්නි වැනි විශ්ව විද්‍යාලවල සහ හාවර්ඩ් වෛද්‍ය පාසල වැනි අධ්‍යාපන ආයතනවලටද මෙම උපාධි වැඩසටහන සම්පූර්ණ කළ සිසුන් බඳවා ගෙන තිබේ.
ජාන විද්‍යාව, අණුක ජෛව විද්‍යාව හා සායනික රසායනාගාර විද්‍යාව වැනි විෂයන් රැසක් ආවරණය වන පරිදි ජෛව වෛද්‍ය තාක්ෂණ වැඩසටහන සකසා ඇත. ඒ හරහා ජෛව වෛද්‍ය විද්‍යාඥයන් සහ පර්යේෂකයන් බවට පත් වීමට පමණක් නොව කීර්තිමත් විශ්ව විද්‍යාලවල වෛද්‍ය අධ්‍යාපන වැඩසටහන් හැදෑරීමටද සිසුන්ට අවස්ථාව හිමි වේ.
ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන සිසුන් වෙනුවෙන් ISWA ආයතනය සෘජු ගමන් මගක් නිර්මාණය කර ඇත. බටහිර ඕස්ට්‍රේලියානු අධ්‍යාපන සහතික වැඩසටහන හරහා විශ්ව විද්‍යාලවලට ඇතුළත් වීමට අවශ්‍ය Australian Tertiary Admission Rank අගය සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව ලැබේ. ඊට අමතරව, බටහිර ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 25%ක වට්ටම් පිරිනමන අතර සිසුන්ට IELTS සුදුසුකම් සම්පූර්ණ කිරීම අවශ්‍ය නැත.“IIHS ආයතනය අධ්‍යාපන විශිෂ්ටත්වය සපුරා ගැනීමට අමතරව ජාත්‍යන්තර සෞඛ්‍ය සේවා ක්ෂේත්රයේ පිළිගත් වෘත්තිකයෙකු වීමට ශ්‍රී ලාංකික සිසුන්ට අවශ්‍ය මගපෙන්වනවා. ඒ තුළින් ඔවුන්ට ගෝලීය ක්ෂේත්රයේ නායකයන් වීමට පුළුවන්. ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන්ට ඇති ඉල්ලුම දිනෙන් දින ඉහළ යනවා. ඒ ඉල්ලුමට සරිලන ආකාරයේ දැනුමෙන් සහ අත්දැකීම්වලින් පිරි වෘත්තිකයන් බිහි කිරීම අපගේ අරමුණයි.” එදිරිසිංහ මහතා පැවසීය.