ශ්‍රී ලංකාවේ ජපන් භාෂා පාසල් අතර ප්‍රමුඛයා වන Datatech Lanka සමූහ ව්‍යාපාරයට අයත් Institute of Datatech Lanka පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාවේ තරුණ ව්‍යවසායකයන්ගේ සංගමය සංවිධානය කළ 2024 ජාතික ව්‍යවසාය විශිෂ්ටතා ජනාධිපති සම්මාන උළෙලේදී විශිෂ්ට සේවාවක් සැපැයීම වෙනුවෙන් සම්මානයට පාත්‍ර වූ අතර එහි නිර්මාතෘ ශ්‍රීමත් තිලිණ චාමර මදුනෙත් ගුලවිට මහතා වෙත විශිෂ්ට නායකත්ව සහ ව්‍යවසාය දැක්ම අගයමින් 2024 සඳහා වන ආසියානු ජාතික ව්‍යවසාය විශිෂ්ටතා සම්මානය පිරිනැමිණි. අධ්‍යාපන ක්ෂේත්රයේ අභිවෘද්ධියට ප්රමුඛ දායකත්වයක් දක්වා ඇති එම ආයතනය විදේශ අධ්‍යාපන අංශය යටතේ ස්වර්ණසිංහ ජාතික සම්මානයෙන්ද, Pinnacle Sri Lanka 2024 සම්මාන උළෙලේදී සේවා විශිෂ්ටතා සම්මානයෙන්ද පිදුම් ලැබුවේ ආයතනය ආරම්භයේ සිටම ලාංකික සිසුන්ට සිදු කළ විශිෂ්ට සේවය නිසාය.
වසර අටකට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන Datatech Lanka ජපන් භාෂා පාසල, ජපන් භාෂා අධ්‍යාපන ක්ෂේත්රයේ මෙන්ම සංස්කෘතික හුවමාරු ක්ෂේත්රයේද විශ්වාසනීය සන්නාමයක් වී ඇත. ඕනෑම ජපන් භාෂා ප්‍රවීණතා විභාගයක් සඳහා Physical, Online යන දෙයාකාරයෙන්ම න්‍යායාත්මක සහ ප්‍රායෝගික උපක්‍රම භාවිතා කරමින් සිසුන් සූදානම් කරවීම, මාර්ගෝපදේශන වැඩසටහන් මඟින් සිසුන් දැනුවත් කිරීම මෙම ආයතනය සපයන ප්‍රධාන සේවා වේ. ජපන් වීසා අයැදුම් කිරීමට බලාපොරොත්තු වන සිසුන්ට තම සුදුසුකම්වලට සරිලන නිවැරැදි පාඨමාලා තෝරා ගැනීමට සහාය වීමට, අධ්‍යාපනික හා වෘත්තීය වර්ධනයට ඇති අවස්ථා ඔස්සේ ජීවිතය නිවැරැදිව ගොඩ නගා ගැනීමට අදාළව පුද්ගලාරෝපිත මාර්ගෝපදේශන සැපැයීමට කටයුතු කරන මෙම ආයතනය සුදුසුකම් ලත් උපදේශක මණ්ඩලයකින් සමන්විත ආකර්ෂණීය ඉගැනුම් පරිසරයක් නිර්මාණය කර ඇත. ශ්‍රී ලාංකික සිසුන් 1500කට වැඩි පිරිසකගේ ජපන් සිහිනය සැබෑ කළ සහ සිසුන් දහස් ගණනකගේ අධ්‍යාපනික සහ වෘත්තීය අභිලාෂ සපුරා ගැනීමට ජපානයට යෑමට සහාය වූ මෙරට විශිෂ්ටම ජපන් භාෂා පාසලක් ලෙස නම් දරා ඇති Datatech Lanka ආයතනය මීට පෙරද තත්ත්ව සහතික සහ සම්මාන රැසකින් පිදුම් ලබා ඇත.