අද ඉන්දියාව සිය 77 වන නිදහස් දිනය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ප්‍රධානත්වයෙන් රතු බලකොටුවේ දී සැමරුවේ ය.
වසර 1608 අගෝස්තු 24 වනදා කපිතාන් විලියම් හෝකින්ස්ගේ නායකත්වයෙන් යුතුව උතුරු බොම්බායේ සූරත් වරායට ප්‍රථම වතාවට බ්‍රිතාන්‍යයන් ගොඩබට අතර පසුව පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම එහිදී ආරම්භ කරන ලදී.
වසර 1757 ජූනි යේ කරනා ලද “ප්ලාසි” සටනින් පසු සමස්ත ඉන්දියාවේම බලය පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම සතු වූ අතර ඔවුන් වසර 200 ට ආසන්න කාලයක් ඉන්දියාව පාලනය කළහ.
බ්‍රිතාන්‍ය පාලනයෙන් ඉන්දියාව මුදවා ගැනීම සඳහා මහත්මා ගාන්ධිගේ පුරෝගාමීත්වයෙන් යුතුව ඉන්දියානු නිදහස් ව්‍යාපාරය 1857 දී ආරම්භ වූ අතර ඒ සඳහා භගත් සිං, සර්දාර් වල්ලභායි පටෙල්, ජවහර්ලාල් නේරු, සුභාස් චන්ද්‍ර බෝස්, චන්ද්‍ර ශේකර් අසාද් ආදී සටන්කාමීන් එක්විය.
එහි ප්‍රතිඵලයක් 1947 ඇරැඹි “ක්විට් ඉන්දියා” ව්‍යාපාරයේ සාර්ථකත්වයත් සමග එම වර්ෂයේ අගෝස්තු 15 වනදා බ්‍රිතාන්‍යයින් ඉන්දියාව හැරදා ගියහ.
නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති ලෙස ජවහල්ලාල් නේරු රතු බලකොටුවේ දී ජාතික ධජය ඔසවා ජාතික ගීය ගායනා කළේය.
පසුව එය සම්ප්රදායක් ලෙස සෑම වර්ෂයකම නිදහස් දින උදෑසන ඉන්දියානු අගමැතිවරු රතු බලකොටුවේ දී ජාතික ධජය ඔසවා ජාතිය ඇමතීමක් සිදු කරයි.
රසිත ජයවීර