ලංකාවේ ප්රමුඛ පෙළේ ඉගෙනුම් සන්නාමයක් වන Atlas, වසර 22ක කාලයක සිට ඓතිහාසික රිදී විහාරය සමඟ එක්ව මූල්‍යමය දුෂ්කරතා හමුවේ පාසල් හැර යන සිසුන් ප්‍රමාණය අවම කරමින් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යාමට අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීම සිදුකරනු ලබයි. කිසිදු දරුවෙකුට අධ්‍යාපනය අතරමඟ නතර වීමට ඉඩ නොදීමේ උදාරතර පරමාර්ථය ද සාක්ෂාත් කර ගනිමින් මෙවරත් සිසු දරුවන් 3,500කට වැඩි පිරිසක් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට කටයුතු කරනු ලැබීය. මෙම සහයෝගීතාවය ඔස්සේ මේවන විටත් මෙරට පාසල් සිසුන් 50,000කට අධික සංඛ්‍යාවකට පාසල් උපකරණ පරිත්‍යාග කරමින් ඔවුන්ට සමාන අධ්‍යාපන අවස්ථාවන් හිමිකර දීමට Atlas කටයුතු කර තිබේ.
ඇට්ලස් සිප්සවි යනු Atlas හි ප්‍රමුඛතම අධ්‍යාපනික වැඩසටහන් අතරින් එක් වැඩසටහනක් වන අතරම ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්රයේ උන්නතිය උදෙසා අඛණ්ඩව මගපෙන්වන කාලෝචිත කර්තව්‍යයකි. මනා විශ්වාසයකින් යුතුව සිප් සතර හදාරමින් පැහැබර අනාගතයක් උදා කර ගැනීමට දරුවන්ට මංපෙත් විවර කරන මෙම ව්‍යාපෘතිය මෙරට ඉගෙනුම් පද්ධතියේ සැලකිය යුතු ප්‍රගතියක් අපේක්ෂා කරන පරමාදර්ශී ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.
මෙම වැඩසටහනෙහි වැදගත්කම සහ රිදී විහාරය සමඟ පවතින දිගුකාලීන සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින්, Atlas Axillia හි කළමනාකාර අධ්යක්ෂ අසිත සමරවීර මහතා මෙසේ පැවසීය. “පුද්ගලික සහ සමාජ දියුණුව ඇති කර ගැනීම සඳහා මූලික වන්නේ අධ්‍යාපනයයි. අධ්‍යාපනය තුළින් සාර්ථක පුද්ගලයෙක් වීමට වෙර දරන සෑම දරුවෙකුටම සිප්සවි වැඩසටහන හරහා අධ්‍යාපනික උපකරණ ලබා දීමට අප කටයුතු කරන්නේ ඒ නිසයි. සැමටම සමාන වූ අධ්‍යාපන අවස්ථාවන් සලසා දෙමින් අපගේ පුළුල් දැක්ම සාක්ෂාත් කර ගැනීමට අපි මෙවැනි කර්තව්‍යයන් ඉදිරියටත් සිදු කරගෙන යනු ලබනවා”
මෙම පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ උත්සවය සඳහා ඓතිහාසික රිදී විහාරාධිපති පූජ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමියන් ප්රමුඛ මහා සංඝරත්නය සහ තවත් විශාල පිරිසක් සහභාගී වී සිටියහ. මෙකී පාසල් උපකරණ ලබා දීම තුළින් පාසල් දරුවන්ගේ ඉගෙනුම් අවශ්‍යතාවන් ඉටු වනවා පමණක් නොව මුල්‍යමය අපහසුතා මධ්‍යයේ ජීවන වියදමට මුහුණ දෙන දෙමාපියන්ට යම් අස්වැසිල්ලක් ද සැලසෙනු ඇත.
ද්‍රව්‍යමය ප්‍රතිපාදනවලින් ඔබ්බට ගොසින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, පාසල් දරුවන්ගේ සහ දෙමාපියන්ගේ සිහිනවලට නැවුම් බලාපොරොත්තුවක් එකතු කරන අතර, සාර්ථක අධ්‍යාපනයක් තුළින් රටට වැඩදායී නායකයින් රැසක් බිහි කර ගැනීමට ද පෙරමග තනනු ඇත. අධ්යාපනාස්වාදයක් ද සමඟින් ශ්‍රී ලාංකික දූ දරුවන්ගේ නැණ ප්‍රදීපය ආලෝකමත් කරන Atlas ආයතනය, පුරෝගාමී මෙහෙවරක නිරත වන අයුරු මෙමගින් කැපී පෙනේ.
වැඩිදුර තොරතුරු සඳහා කරුණාකර www.atlassipsavi.lk වෙබ් අඩවියට පිවිසෙන්න.