උතුරු ඉන්දියාවට බලපෑ ඇති අධික ගංවතුර හේතුවෙන් හිමාචල් ප්‍රදේශයේ දෙවොලක් කඩා වැටී පුද්ගලයන් 9ක් මිය ගොස් තවත් 25 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී තිබේ. ධාරානිපාත වර්ෂාව හේතු කොටගෙන ප්‍රාන්තයේ වෙනත් ප්‍රදේශවල ද තවත් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ.
උතුරු ඉන්දියාවේ ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන ෂිම්ලා ප්‍රාන්තයේ අගනුවර පිහිටි මේ දෙවොල උදෑසන 8 ට පමණ කඩා වැටී ඇති බව ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය සුක්වින්දර් සිං සුඛූ එහි සංචාරයක නිරත වෙමින් ඉන්දීය ප්රවෘත්ති ඒජන්සියක ට පැවසීය.
මියගිය අයගේ සිරුරු ගොඩ ගෙන ඇති අතර ප්‍රාදේශීය පරිපාලනය සුන්බුන් ඉවත් කිරීමට ඉතා උනන්දුවෙන් ක්‍රියා කරන බව සුඛූ ට්විටර් වෙත සටහනක් තබමින් වැඩිදුරටත් පැවසිය