චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනාවකට අනුව චීනයේ සිව් දින රාජ්ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්ය හා පෞද්ගලික සමාගම් එක්ව සංවිධාන කර තිබූ “Invest in Sri Lanka- Round table meeting 2025” ආයෝජන සැසියට අද (16) පෙරවරුවේ එක් විය.
CNTY- China Tianying Inc), China Harbour Engineering Company Ltd,China Communications Construction Company Ltd,China Petrochemical Corporation -SINOPEC Group,Metallurgical Corporation of China Ltd, CCECC-China Civil Engineering Construction Corporation,China Energy International Group Company Ltd සහ The Guangzhou Public Transport Group ඇතුළු චීනයේ ප්රමුඛ සමාගම් රැසක් මෙම ආයෝජන සැසියට එක්ව සිටිති.