හිටපු ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායකට විදෙස් ගමන් තහනමක් පනවමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
2020 වසරේ පැවති ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පළමු අදියරේදී ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථනයෙන් තරග පාවා දීමට බලකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට සිදුකරන විමර්ශනවලට අදාළව සචිත්‍රට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත දන්වා තිබීම මෙම තහනමට හේතුවයි.
ඒ අනුව ඔහුට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ විමර්ශන ඒකකය වෙත උපදෙස් ලබා දී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙයි