TELL IGP (පොලිස්පතිට කියන්න) සහ L-NEED සේවාව නව මුහුණුවරකින් එළිදැක්වීමට කටයුතු කර ඇති බව පොලිස් දෙපාර්තමේන්තුව පවසනවා.
ශ්‍රී ලංකා පොලීසිය මහජනතාව වෙත වඩාත් සමීපව කටයුතු කිරීමට හා ඔවුන්ගේ ගැටලු සඳහා කඩිනමින් ප්‍රතිචාර දැක්වීම අරමුණු කර ගනිමින් මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවයි සඳහන් වෙන්නේ.
TELL IGP (පොලිස්පතිට කියන්න) ව්‍යාපෘතිය හරහා මහජනතාවගේ පැමිණිලි, අදහස් හා යෝජනා සෘජුවම පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව සලසා දී ඇති බවයි සඳහන් වෙන්නේ.
මේ අතර L-NEED සේවාව මගින් ජංගම දුරකථනයක් අස්ථාන ගතවූ අවස්ථාවකදී පොලීසියට නොගොස් Online මාර්ගයෙන් අස්ථාන ගතවූ දුරකථනයේ තොරතුරු ලබාදී පැමිණිල්ලක් යොමු කිරීමේ හැකියාව සලසා දී තිබෙනවා
මෙම සේවාවන් වෙත www.police.lk නිල වෙබි අඩවියට ගොස් E-Services ඔස්සේ TELL IGP හා L-NEED සේවාව වෙත පිවිසිය හැකි අතර පැය 24 පුරා පැමිණිලි කිරීමේ හැකියාව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.