දකුණු පළාත් විදුලි සම්ප්රේෂ්ණ මාර්ගය සිය ඉඩම හරහා ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් ලංවිම සමඟ ආරවුලක පැටලුණු දේපළවල හිමිකරු අදාළ එම දේපළ නොමිලේ ම ලංවිමට ලබාදීමට එකඟ වී තිබේ.
සමස්ථ දකුණු පළාත ම සම්බන්ධ කරමින් කිලෝමීටර් 150 ක් පුරා විහිදෙන සම්ප්‍රේෂණ මාර්ගයෙන් කිලෝවොට් 220 ක් නිකුත් කිරීමට තීරණය කර තිබූ අතර එය පසුගිය මාස 3 තුළ නතර වී තිබුණේ මීටර් 650 ක ඉඩමක් සඳහා රජයේ තක්සේරුව පිළිබඳ ඇති වූ ආරවුලක් හේතු කොටගෙනය.
ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍යාධාර යටතේ ඉදිවන පොල්පිටිය-හම්බන්තොට සම්ප්‍රේෂණ මාර්ගයේ වැඩ නිම කිරීම සඳහා ඉඩම් හිමියා සහ ලංවිම අතර ඇති වූ ආරවුල සමථයකට පත් කිරීමේ සාකච්ඡාව පැවැත්වීම මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අගෝස්තු මස 11 වැනි දා ට දින නියම කරන ලදී.
ඒ අනුව, අද (11) ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ ලංවිමට සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔහු මෙම එකඟතාවයට පැමිණ තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මීට පෙර පවසා සිටියේ මතභේදය සමථයකට පත් වුවහොත් දින හතරක් ඇතුළත එහි වැඩ අවසන් කළ හැකි බවයි.