මෙරට ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්රයේ කීර්තිමත් සන්නාමයක් වන සංජීවනී ආයුර්වේද සමාගමේ නවතම සත්කාර මධ්‍යස්ථානය ‘Luxyana Wellness’ නමින් පසුගියදා විවෘත විය. L17, Crescat Boulevard, කොළඹ ලිපිනයේ පිහිටි එය සුඛෝපභෝගී පහසුකම්වලින් සමන්විත වේ. සෞන්දර්යාත්මක සහ නිසංසල වටපිටාවක පිහිටි එහි පැමිණෙන පාරිභෝගිකයන්ට පුරාණ ආයුර්වේදය සහ නවීන සොයා ගැනීම් එකට කැටි කර ගත් සත්කාර අත්විඳීමට අවස්ථාව ලැබේ. ඊට සමගාමීව සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කිරීමටත්, වට්ටම් හඳුන්වා දීමටත් එම සමාගම පියවර ගෙන ඇත. එසේම සහතික ලත් ආයුර්වේද වෘත්තිකයන් වෙතින් නොමිලේ උපදේශන සේවා ලැබීමේ පහසුකම් සළසා තිබේ. ප්‍රමුඛතා වෙන් කර ගැනීම්, යෝගා වැඩසටහන් වැනි පහසුකම් අන්තර්ගත VIP සාමාජිකත්ව වැඩසටහනක්ද ක්‍රියාත්මක වේ. 0702224433 දුරකතන / වට්සැප් අංකය, [email protected] විද්‍යුත් තැපැල් ලිපිනය, www.luxyanawellness.com වෙබ් අඩවිය ඔස්සේ Luxyana Wellness පිළිබඳව වැඩි විස්තර ගත හැකිය.Luxyana Wellness වෙතින් විවිධ තෙල් වර්ග යොදා ගන්නා සම්බාහන සහ හුමාල ස්නානය ආදිය ඇතුළත් ශරීරය ප්‍රාණවත් කරන ආයුවර්ධනී ප්‍රතිකාර, ඔස්ටියෝ ආතරයිටිස් සහ සයිනසයිටිස් වැනි විශේෂිත සෞඛ්‍ය ගැටළු සඳහා ඉලක්කගත ප්‍රතිකාර දෙන ව්යාධිහරණී පැකේජය, Manicure සහ Pedicure ඇතුළත් මනාලියන්ගේ පැකේජය වැනි ප්‍රතිකාර, සත්කාර සහ සේවා ගත හැකිය. හෙළඋඩ මනන්නලාගේ අන්දිරිස් මහතා ඇරැඹූ සංජීවනී ආයුර්වේද සමාගමේ පසුකාලීන හිමිකාරිත්වය ලැබූ හෙළඋඩ මනන්නලාගේ ඥානරත්න මහතා එය දිවයින පුරා ජනප්‍රිය සන්නාමයක් බවට පත් කළ අතර 1992දී ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය ගත්තේය. එහි වර්තමාන ප්‍රධානියා වන එච්. එම්. ඩී. එස්. සඳකැලුම් මහතා සාම්ප්‍රදායික දැනුම නව්‍යකරණය සමඟ මුසු කරමින් සමාගමේ මෙහෙයුම් පවත්වා ගෙන යයි. ඉංජිනේරු සහ ආයුර්වේද ක්ෂේත්‍ර දෙකේම දැනුම සහ අත්දැකීම් සහිත ඔහු Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම ව්‍යාපාරිකයා ලෙස සම්මාන ලැබීය. සංජීවනී ආයුර්වේද සමාගම Business World International සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම දේශීය ඖෂධ නිෂ්පාදකයා සම්මානය දිනා ගත්තේය.