සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හිදී අද (2) පැවති තෙවන හා අවසන් විස්සයි20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
මෙහිදී පළමුව පන්දුවට පහරදී ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 219ක ඉලක්කයට පිළිතුරු ලෙස නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 20 තුළදී කඩුලු 7ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 211ක් පමණි.
ඒ අනුව පූර්ණ තරගාවලි පරාජය මගහරවා ගනිමින් තරග 3කින් යුත් තරගාවලිය තරග 2-1ක් ලෙසින් අවසන් කරගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
කෙසේ නමුත් මෙම ජයත් සමග වසර 18කට පසු නවසීලන්තයේදී නවසීලන්තයට එරෙහිව විස්සයි20 ජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාව උදාවිය.
අවසන් වරට ඔවුන් නවසීලන්තයේදී විස්සයි20 තරග ජයක් ලබා සිටියේ 2006 වසරේදීය.
එමෙන්ම මෙය නවසීලන්තයේ දී ලැබූ දෙවැනි විස්සයි20 ජය ලෙසින්ද වාර්තා අතරට එක්විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 5ක් දැවී ලකුණු 218ක් රැස් කළේය.
එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කුසල් ජනිත් පෙරේරා ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම විස්සයි20 ශතකය රැස්කළ පිතිකරුවා බවට පත්වෙමින් පන්දු 46කට පමණක් මුහුණදෙමින් ලකුණු 101ක් රැක්කිරීමට සමත් විය.
මෙම ඉනිමත් සමග සිය විස්සයි20 තරග දිවියේ ලකුණු 2000 සීමාව පසුකර යෑමට ද කුසල් ජනිත්ට හැකිවිය.
ඒ අනුව ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 2000 කඩඉම පසුකළ පළමු පිතිකරුවා බවට පත්විය.
2013 වසරේදී ජාත්‍යන්තර විස්සයි20 තරග බිමට අවතීර්ණ වූ කුසල්, මේ වනවිට ඉනිම් 76කට ක්‍රීඩාකර ලකුණු 2056ක් රැස්කරගෙන සිටියි.