ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීම අරමුණු කරගනිමින් යෝජිත මුලපිරීමක් ලෙස සියලුම භෝග සහ අංශ ඇතුළත් වන පරිදි සකස් කරන ලද කෘෂිකාර්මික නවීකරණ කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබේ. මෙම කාර්ය සාධක බලකායේ අපේක්ෂාව වන්නේ රජය සහ පෞද්ගලික අංශය අතර සහයෝගීතාව වර්ධනය කරමින්, විස්තීරණ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සඳහා මග පෑදීමයි.
බෝග වගාවෙන් ඔබ්බට ගොස් සත්ත්ව පාලනය ඇතුළත් කිරීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ. කාර්ය සාධක බලකායට අදාළ රාජ්‍ය දෙපාර්තමේන්තු නියෝජිතයින් ඇතුළත් වන අතරම බහුවිධ ප්‍රවේශයක අවශ්‍යතාවය පෙන්වීම සඳහා පුද්ගලික අංශය ද තෝරා ගැනීමට නියමිතය.
කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමේ දී මූලික පියවරක් ලෙස කෘෂිකාර්මික ආධාර පද්ධතිය නවීකරණය කිරීමේ වැදගත්කම මෙන්ම කෘෂිකාර්මික ක්ෂේත්රයේ අපේක්ෂිත පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට එහි ආධාරක යාන්ත්‍රණයන්හි පුළුල් ප්රතිසංස්කරණයක් අත්යවශ් වන බව ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.