මෙම වසරේ දිවයිනට පැමිණි පළමු මගී නෞකාව අද කොළඹ වරායට සේන්දු වුණා. ඕෂනියා රිවේරා නැමැති අති සුඛෝපභෝගී එම නෞකාව, මාලි රාජ්‍යයේ සිට පැමිණ ඇත්තේ මගීන් 1185ක් සහ කාර්ය මණ්ඩලයේ 750 දෙනෙකු සමගයි. ඔවුන් අද දිනයේදී කොළඹ, කැළණි රජ මහා විහාරස්ථානය, පින්නවල අලි අනාථාගාරය වැනි ස්ථාන නැරඹීම සදහා ගොස් තිබෙනවා. එයිට්කන් ස්පෙන්ස් ට්‍රැවල් සමාගමේ මැදිහත්වීමෙන් පැමිණි මෙම නෞකාව අද රාත්‍රියේ හම්බන්තොට වරාය දක්වා ගමන් කරනු ඇති.