පාකිස්තානයෙන් වාර්තා වන හෙපටයිටීස් රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
එම මාධ්‍ය වාර්තා කරන්නේ ලොව වැඩිම හෙපටයිටීස් රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන තුන්වන රට පාකිස්තානය ලෙස හඳුනාගත හැකි බවය.
නවතම දත්ත වාර්තා අනුව පාකිස්තානයේ සෑම පවුලකම අවම වශයෙන් එක් පුද්ගලයෙකු හෝ හෙපටයිටිස් බී සහ සී වෛරස්වලින් පෙළෙන බව වාර්තා වෙයි.
පාකිස්තානයේ මිලියන 1.5 කට අධික පිරිසක් එම වෛරස් ඛාණ්ඩ දෙකෙන්ම පෙළෙන නමුත් ඔවුන්ගෙන් බහුතරයක් ඒ ගැන නොදන්නා බවද වෛද්‍ය විශේෂඥයින් පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ලොව පුරා මිලියන 328ක පිරිසක් විවිධ වර්ගයේ හෙපටයිටිස් රෝග ඛාණ්ඩවලින් පෙළෙන බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සෑම වසරකම අළුතින් සොයා ගැනෙන රෝගීන් සංඛ්‍යා මිලියන 17.5 කි.