77 වැනි ජාතික නිදහස් දින උත්සවය රටේ අභිමානය විදහා දැක්වෙන පරිදි උත්කර්ෂවත්ව සහ වියදම් අඩු කරගනිමින් පැවැත්වීමට රජය තීරණය කර තිබෙනවා.ඒ අනූව මෙවර නිදහස් දින උත්සවය කොළඹ, නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ පැවැත්වීමට තීරණය කොට ඇති බවයි රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබයරත්න කියා සිටියේ.අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්වදේශ කටයුතු ශ්‍රවණාගාරයේ අද (30) පැවති 77 වන ජාතික නිදහස් දින සැමරුමේ ප්‍රථම සංවිධාන කමිටු රැස්වීමට එක් වෙමින්. මෙවර ජාතික නිදහස් සැමරුම් උත්සවය මහජනතාවට නැරඹීම සඳහා අවස්ථාව හිමිකර දීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.නිදහස් උත්සවය සඳහා 1,600ක් පමණ ආරාධිතයින් සහභාගී වීමට නියමිතයි.මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර, ආරක්ෂක අමාත්‍යංශ ලේකම් සම්පත් තුයියකොන්ත මෙන්ම ගුවන් හමුදාපති සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියා.