කසුන් මහේන්ද්‍ර හීනටිගල අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට ගැන සිදුකෙරෙන විමර්ශනයට අදාළව, උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනෙක් තාවකාලිකව මිරිහාන මූලස්ථාන පොලීසිය වෙත මාරු කර තිබෙනවා.
දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ස්ථානාධිපතිවරයා හා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මෙලෙස තාවකාලිකව මාරුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිවේදී බුද්ධික මනතුංග සඳහන් කළේ.
අභාවප්‍රාප්ත ජැක්සන් ඇන්තනීගේ බෑනා වන ලේඛක කසුන් මහේන්ද්‍ර හීීනටිගල පොලිස් මූලස්ථානයේ සහන මැදිරියට කරන ලද පැමිණිල්ලකට අදාළව කොළඹ දකුණු දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර තිබෙනවා.