ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා මාතලේ නගරයේදී විවෘත කරන ලදි. ගනුදෙනුකරුවන්ට විශිෂ්ට තලයේ මූල්‍ය විසඳුම් පිරිනමමින් ප්රජාවන්ගේ දියුණුව ළඟා කරදීම සඳහා මෙන්ම දිවයින පුරා තම සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා සමාගම දරණ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කිරීම සිදුවිය.
Mahindra IDEAL Finance සමාගමේ නව ශාඛාව අංක 302, ත්‍රිකුණාමලය වීදිය, මාතලේ යන ස්ථානයේ පිහිටා තිබේ. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රන් ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං සේවාවන් ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත.
“රටේ සියලුම දෙනා වෙත මූල්‍ය සේවාවන් සැපයීමේ ප්රයත්නයේ තවත් පියවරක් වශයෙන් විවෘත කළ මෙම නවතම ශාඛාවට ඔබ සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. මාතලේ යනු වාණිජ වශයෙන් අතිශය වැදගත් නගරයක්. ඒ නිසාම අප, රට තුළ ඉහළ වර්ධන අවස්ථා පවතින ප්‍රදේශවල අපගේ ශාඛාවන් විවෘත කිරීමේ උත්සාහය යටතේ මාතලේ නගරයේත් අපගේ ශාඛාවක් විවෘත කිරීමට තීරණය කළා. මෙය මාතලේ ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින්, එම ප්‍රදේශයට දියුණුව හා සෞභාග්‍යය උදාකර දීමට දායක වනු ඇතැයි කියා අප සිතනවා.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
මෙම නව ශාඛාව මගින් මාතලේ සහ ඒ අවට වෘත්තිකයන්ට ඵලදායී රැකියා අවස්ථා රැසක්ද උදාවනු ඇත. මෙරට වෘත්තිකයන්ට දියුණුවේ මංපෙත් විවර කරන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති Mahindra IDEAL Finance සමාගම, Great Place to Work ආයතනය මගින් මෙරට බැංකු, මූල්‍ය හා රක්ෂණ සේවා ක්ෂේත්රයේ ප්‍රමුඛතම සේවායෝජකයන් 10 දෙනා අතරට නම්කර තිබේ.
ඉදිරියේදී රට පුරා තවත් ශාඛාවන් රැසක් විවෘත කිරීමට Mahindra IDEAL Finance සමාගම මේ වනවිට සැලසුම් කර ඇත. මේ ඔස්සේ රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දැක්වීම සමාගමේ අරමුණ වී තිබේ.
Mahindra IDEAL Finance සමාගම පිළිබඳව
Fitch Ratings Lanka වෙතින් “AA-(lka) Watch Negative” ශ්‍රේණිය හිමිකරගෙන ඇති Mahindra IDEAL Finance සමාගම, අඛණ්ඩව වසර 4 ක් පුරා Great Place to Work ඇගයීමද හිමිකරගෙන තිබේ. විවෘත ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම, සාර්ථකත්වයේ ප්රවණතාවන් සහ වෙනස් වන වෙළඳපොළ තත්ත්වයන්ට ඉක්මනින් අනුවර්තනය වීමේ හැකියාව වැනි සාධක නිසා එම සමාගමට 2022 වර්ෂයේදී Great Place to Work පිළිගැනීම හිමි විය. Mahindra IDEAL Finance යනු ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වූ බැංකු නොවන මූල්‍ය ආයතනයක් වන අතර, ග්‍රාමීය හා අර්ධ නාගරික වෙළෙඳපොළ කෙරෙහි එය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කර තිබේ. මේ වන විට එම සමාගම රන් ණය සේවාවන්, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං සේවාවන් ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් පිරිනමයි. ඉහළ ගුණාත්මකභාවයකින් යුත් ණය සේවාවන් එකතුවක් පවත්වාගන්නා අතරම, අඛණ්ඩව තිරසාර වාර්ෂික වර්ධනයක් වාර්තා කරගැනීමට Mahindra IDEAL Finance සමත් වී ඇත.