මේ වන විට සහල් මෙට්ට්‍රික් ටොන් 22,000ක් ආනයනය කර ඇති බවත්, එම සහල් මේ වන විට එම සහල් තොග බෙදා හැරීමේ කටයුතු සිදු වෙමින් පවතින බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ඊයේ(19) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශකවරයා මේ බව පැවසීය. අද දිනයේ තවත් සහල් මෙට්ට්‍රික්ටොන් 10,000ක් ලැබීමට නියමිත බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
වෙළෙඳ පොළ අවශ්‍යතාව සලකා බලා සහල් ආනයනය සීමා ලිහිල් කිරීමේ දින වකවානු දීර්ඝ කිරීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
“දේශීය ගොවියාට කිසිදු හානියක් නොවෙන ආකාරයට සහල් ආනයනය කිරීම සිදු කරනවා. මෙම කටයුතු සිදු කරන්නේ යම් පාලනයක් සහිතවයි”