2022 වසරේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදයෙන් පසු දිවයින යථා තත්ත්වයට පත්වෙමින් පවතින අතර, එහි වර්ධනයට ආයෝජකයින්ට සහභාගී වීමට අවස්ථා තිබෙන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
පසුගිය මාස 15 තුළ ශ්‍රී ලංකා රජය අර්බුදය මඟහරවා ගැනීම සඳහා ප්‍රතිසංස්කරණ රාශියක් ආරම්භ කර ඇති බව ඔහු පැවසුවේ බදාදා (09) චෙන්නායි හි ඉන්දීය කර්මාන්ත සම්මේලනය (CII), ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව සමඟ හවුල්කාරිත්වයෙන් සංවිධානය කරන ලද Invest Sri Lanka – Investor Forum India හිදී අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකාව 2023 අවසන් කාර්තුව වන විට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට මෙන්ම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයට සම්බන්ධ වීමට ශ්‍රී ලංකාව ඉන්දියාව, චීනය සහ තායිලන්තය සමඟ සාකච්ඡා කරමින් සිටී.
බලශක්තිය සහ ප්‍රවාහනය සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ සබඳතා පුළුල් කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන අතරම සංචාරක ව්‍යාපාරය ඒ සඳහා විශාල අවස්ථාවක් වන බව ද හෙතෙම පැවසීය.
සංචාරක, සැපයුම් සහ පුනර්ජනනීය බලශක්තිය දිවයිනේ ආකර්ශනීය කෙටිකාලීන ආයෝජනයට සුදුසු ක්ෂේත්‍ර බවත් රට එහි නරකම තත්ත්වය අවසන් කර නැවතත් ව්‍යාපාර ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේ යි.