සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විපක්ෂය ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදය පැවැත්වීම පිළිබඳව ලබන සිකුරාදා රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිතව තිබේ.
එම කාරක සභාව සිකුරාදා පෙරවරු 10.30ට රැස්වීමට නියමිත අතර මෙම සතිය තුළ සාමාන්‍ය පරිදි පෙර න්‍යාය පත්‍රයට අනුව පාර්ලිමේන්තු කටයුතු පැවැත්වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේ කළ විශේෂ ප්‍රකාශය අතරතුර දී සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව කඩිනම් කරන ලෙස ද ප්‍රකාශ කළේය.