පෞද්ගලික අංශය මගින් ඇණවුම් කළ සහල් මෙට්‍රික් ටොන් 1,900ක් මේ වනවිට දිවයිනට ළඟා වී ඇති බව රේගුව පවසයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේ, ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් මේ වනවිට විට වෙළෙඳපොළට මුදා හැර ඇති බවයි.
ආනයනික සහල් අතර කැකුළු සහල් සහ තම්බපු සහල් ද වන බව ඔහු ප්‍රකාශ කළේ ය.
ආනයනය කරන ලද සහල් හැකි ඉක්මණින් මහජනතාවට ලබා දීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය