පාකිස්තානයේ සෞඛ්‍ය සේවා පද්ධතිය තීරණාත්මක අභියෝගයකට මුහුණදී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහි පවතින මූලික ගැටලුව වන්නේ සුදුසුකම් ලත් සහ ප්‍රායෝගික ඖෂධවේදීන්ගේ හිඟය බව පැවසෙයි.
මෙම තත්ත්වය එරට මහජන සෞඛ්‍යයට සැලකිය යුතු බලපෑමක් ඇති කරමින් තිබෙන බව පැවසෙයි.
එරට වාර්තා පෙන්වා දෙන්නේ පාකිස්තානයේ සෞඛ්‍ය සේවා ජාලය ඖෂධ හල් 80,000කින් පමණ සමන්විත වන අතර රට පුරා ලියාපදිංචි වී ඇත්තේ ඖෂධවේදීන් 55,000ක් පමණක් බවය.